වෙළෙඳ ගිවිසුම්වල වංචාවන් ගැන සෙවීමට කොමිසමක් පත් කරන්න

  👤  2952 readers have read this article !
By mawbima 2018-07-20

දෙනගම ධම්මික රණවීර, ලක්ෂ්මී ජයකොඩි

වෙළෙඳ ගිවිසුම් වංචාවන් පිළිබඳ සෙවීමට වෙළෙඳ වංචා කොමිසමක් පත් කරන ලෙස වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම නිවැරැදි වෙළෙඳ ප්‍රතිපත්තියක් බිහි කරන ක්‍රමවේදයක් අරඹමින් වෙළෙඳ ප්‍රතිපත්ති සම්පාදන අධිකාරියක් බිහි කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දෙන එම සංගමය රටට තීරණාත්මක ලෙස බලපාන සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තු විවාදය විනාඩි කිහිපයකට පමණක් සීමා කිරීම පිළිබඳ කනගාටු වන බවද ඔවුහු අවධාරණය කරති.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන මලික් සමරවික්‍රම ඇමැතිවරයා අසත්‍ය ප්‍රකාශ කළ බවත් එය පුරවැසියන් ලෙස හෙළා දකින බවත් සඳහන් කරයි. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හෝ ලබා ගෙන නැති බව පාර්ලිමේන්තුවේදී හෙළි වූ අවස්ථාවේදී ඇමැතිවරයා ඊට පිළිතුරු දීම වෙනුවට සිදුකළේ අන් අයට බැන වැදීම පමණක් බවත් එම සංගමය වෙනුවෙන් එහි ලේකම් ඉන්ජිනේරු කපිල පෙරේරා මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon