රාජ්‍ය නිලධාරීන්ට ගෙවිමට නියමිත රු. කෝටි දෙකක් තවමත් ලබාදී නෑ

  👤  3048 readers have read this article !
By mawbima 2018-07-20

රුචිර දිලාන් මධුසංක

කඩයිම් ලකුණු දීමේ ක්‍රමවේදයේ ඇතිවූ ආරවුලක් නිසා නැවත වරක් සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇති උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහනේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල සිටි රාජ්‍ය නිලධාරීන්ට රුපියල් කෝටි දෙකක මුදලක් ගෙවීමට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග "මව්බිම"ට හෙළිකරයි.

අදාළ සම්මුඛ පරීක්ෂණය පසුගිය කාලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පැවැත්වුණු අතර ඒ සඳහා පරීක්ෂණ මණ්ඩලවල සිටි රාජ්‍ය නිලධාරීන්ට එක් උපාධිධාරියකු සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීම වෙනුවෙන් මුදලක් ගෙවීමට නියමිතව තිබිණි.

එම කටයුතු සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම සිදුවූ අතර ඊට සහභාගි වූ සියලු රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම කෝටි දෙකක මුදල ඔවුන්ගේ වැටුපට එකතුවීමට නියමිතව තිබූ අතර මෙතෙක් එය ගෙවා නොමැති බවද වාර්තා වේ.

දිස්ත්‍රික් පදනමින් තෝරාගත් උපාධිධාරීන්ගේ ලැයිස්තුව ආර්ථික කටයුතු අමාත්‍යාංශයට යවා තිබූ අතර එහිදී ඔවුන්ට දිස්ත්‍රික් පදනමින් කඩයිම් ලකුණු ලබාදී තිබිණි.

එම කඩයිම් ලකුණු දීමේ ක්‍රමවේදයේ ඇතිවූ ගැටලුවක් නිසා අදාළ උපාධිධාරීන්ට පත්වීම් ලබාදීම කැබිනට් මණ්ඩලය විසින් කල් දමනු ලැබීය.

අනතුරුව යළිත් වරක් උපාධිධාරීන්ට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ අතර මේ දිනවල එම සම්මුඛ පරීක්ෂණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුවේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon