විගීලා මොනවා කිව්වත් උතුරේ හමුදාව දෙමළ ජනයා සමඟ එකට වැඩ

  👤  3070 readers have read this article !
By mawbima 2018-07-20

මුලතිව් - ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ඇතුළු දෙමළ දේශපාලනඥයන් විසින් උතුරෙන් යුද හමුදාව ඉවත් විය යුතුය යන ප්‍රකාශ පසුගිය දිනවල සිදු කළද කිලිනොච්චිය යුද හමුදාව තවදුරටත් දෙමළ ජනතාවගේ ආගමික සිද්ධස්ථානවල පිළිසකර කිරීම් සිදුකරමින් සිටී.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතාගේ උපදෙස් පරිදි 65 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් මහතාගේ අධීක්ෂණයෙන් 21 වැනි පාබළ රෙජිමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් කිලිනොච්චිය, උයිලන්කුලම් හින්දු පුල්ලයාර් කෝවිල හා එහි භූමිය පිරිසුදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබිණි.
යුද හමුදාව විසින් පසුගිය දිනවල උතුරු පළාතේ බොහෝ ආගමික සිද්ධස්ථාන හා පොදු ගොඩනැඟිලි මංමාවත් පිළිසකර කිරීම් හා පිරිසුදු කිරීමේ වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon