සුදන්දිරපුරම්වලින් ‘බබා මෝටාර්’ දෙකක් හමුවෙයි

  👤  3049 readers have read this article !
By mawbima 2018-07-20

මුලතිව් - ශෂිකුමාර්

මුලතිව් සුදන්දිරපුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය පුහුණු කොටි ක¼දවුරක් තිබූ ස්ථානයක සිදුකරන ලද කැණීම්වලදී 'බබා මෝටාර්' නමැති විශාල උණ්ඩ දෙකක් සමඟ යුද උපකරණ තොගයක් මුලතිව් සහ යාපනයේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (18දා) සවස ගොඩ ගෙන ඇත.

යාපනය සහ මුලතිව් නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකින් අදාළ ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මෙම යුද උපකරණ තොගය හමු වී ඇත.

හමු වූ යුද උපකරණ අතර කොටි සංවිධානය විසින් භාවිත කරන ලද 'බබා මෝටාර්' යනුවෙන් හැඳින්වෙන මිලිමීටර් 81 සහ මිලිමීටර් 73 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකක්, ආර්.පී.ජී. උණ්ඩ එකක්, ටී.එන්.ටී. ස්ලැබ් එකක්, ටී.එන්.ටී, පෙට්ටියක්, මිලිමීටර් 73/81/122/85 වර්ගයේ මෝටාර් ෆියුස්, එන්.ආර්. 07 වර්ගයේ අත් බෝම්බයක්, ආර්.පී.ජී. උණ්ඩයක කොටස්, හඳුනා නොගත් අත්බෝම්බයක්, වර්ගයක් හඳුනා නොගත් දුම් බෝම්බයක්, පැරා බෝම්බ කොටස් ඇතුළු යුද උපකරණ රැසක් හමු වී ඇත.

කැණීම් කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර ඊයේ (19දා) දිනයේ සිට නැවත එහි කැණීම් කටයුතු ආරම්භ කිරීමට යාපනය සහ මුලතිව් නාවික හමුදා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත. සුදන්දිරපුරම් ප්‍රදේශයේ කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශවලට පහරදීම සඳහා අවි ගබඩාවක්ද පවත්වාගෙන ගොස් ඇති බවට සැකයක් පවතින අතරම, ආරක්ෂක හමුදා ප්‍රහාර හමුවේ පලාගිය කොටි සාමාජිකයන් අදාළ ස්ථානයේ ආයුධ වළ දමා යන්නට ඇති බවටද නාවික හමුදා නිලධාරීහු සැක පළ කර සිටිති.
මුලතිව් සුදන්දිරපුරම් ප්‍රදේශයේදී ගොඩගත් බෝම්බ තොගය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon