කිලිනොච්චි-මුලතිව් දිස්ත්‍රික්කවලින් මර උගුල් 5,442ක් සොයාගෙන

  👤  3031 readers have read this article !
By mawbima 2018-07-20

මුලතිව් - ශෂිකුමාර්,
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

2016 වසරේ සිට 2018 වසරේ මේ දක්වා කාලය තුළදී කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ දමන ලද විවිධ වර්ගයේ බෝම්බ ඇතුළු විවිධ මර උගුල් 5442ක් සොයාගෙන ඇති බවට බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යාවලියේ නිරත ආරක්ෂක අංශ හා රාජ්‍ය නොවන සංවිධාන විසින් පෙන්වා දෙයි.

ගත වූ වසර දෙකහමාර ඇතුළත කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි වර්ග මීටර් 5,32,391ක භූමි ප්‍රමාණයක සිදු කරන ලද කැණීම්වලදී අදාළ බෝම්බ හා මර උගුල් ප්‍රමාණය හමු වී ඇති අතර හමුවූ බෝම්බ අතර කොටි මෝටාර් උණ්ඩ, ආර්.පී.ජී., ජොනි බට්ටන්, කාලතුවක්කු උණ්ඩ හා විවිධ වර්ගයේ මර උගුල් තිබිණි.

බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටින ආරක්ෂක අංශ හා රාජ්‍ය නොවන සංවිධාන විසින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු 2025 වනවිට අවසන් වී බිම් බෝම්බවලින් තොර ශ්‍රී ලංකාවක් දැකිය හැකි වන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon