ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන්ගේ දීමනා වැඩි වෙයි

  👤  2890 readers have read this article !
By mawbima 2018-07-20

නුවන් හෙට්ටිආරච්චි

ඛනිජ තෙල් (පෞද්ගලික) ටැංකි රථ හිමියන්ගේ ප්‍රවාහන දීමනාව ඉහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ලීටර් 13,200 ධාරිතාවයෙන් යුත් ටැංකියකට ගෙවූ මිල රුපියල් 12.43කින්ද 19,800 ධාරිතාවයෙන් යුත් ටැංකියකට ගෙවූ මිල රුපියල් 16.43 කින්ද 33,000 ධාරිතාවයෙන් යුත් ටැංකියකට ගෙවූ මිල රුපියල් 20කින්ද ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහිදී තවදුරටත් පෙන්වා දෙයි.

එහෙත් මේ සම්බන්ධව "මව්බිම"ට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්තසිල්වා සඳහන් කරන්නේ තම සංගමය ඉදිරිපත් කළ මිල සූත්‍රයට අනුව මෙම මිල ඉහළ දැමීම් අසාර්ථක බවයි.

වැඩි වූ තෙල් මිලට සාපේක්ෂව 15%කින් ප්‍රවාහන මිල ඉහළ දැමීමට ඉල්ලා සිටියද මේ වන විට වැඩි කර ඇත්තේ 9.9%ක මුදලක් බවත් ඊට තම සංගමය කිසිදු ආකාරයකට එකඟ නොවන බවත් පෙන්වා දෙන සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කරන්නේ ලබන ඉරිදා (22දා) ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් රැස්වී ඊට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගන්නා බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon