මත්තලට කටුනායකින් සංචාරකයෝ එති

  👤  2976 readers have read this article !
By mawbima 2018-07-20

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

යාල ජාතික වනෝද්‍යානයේ සංචාරය කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළේ සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත අභ්‍යන්තර ගුවන් සේවාවක් භාවිත කරමින් විදේශිකයන් කණ්ඩායමක් පැමිණ තිබේ.

නවසීලන්ත ජාතිකයන් පිරිසක් වන මෙම විදේශිකයන් කණ්ඩායම 'සිනමන් එයා' නමැති අභ්‍යන්තර ගුවන් සේවාවකට අයත් ඛ්79102 ඛ්ධතධථඡධ නමැති ගුවන් යානයෙන් ඊයේ (19දා) පස්වරු 02ට පමණ මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

එමෙන්ම මත්තල සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා යළි 2.15 පමණ අදාළ ගුවන් යානය පිටත්ව ගොස් තිබේ. ඒ අතර මත්තල සිට කටුනායක බලා ගමන් කිරීම සඳහා තවත් විදේශිකයන් පිරිසක් එම ගුවන් යානය භාවිත කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon