මානව හිමිකම් සභාපතිනියගේ ආරක්ෂාව තහවුරු කරන්න

  👤  2909 readers have read this article !
By mawbima 2018-07-20

උපතිස්ස පෙරේරා

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය ඇතුළු කොමසාරිස්වරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය 19දා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මියට එරෙහිව කරන ලද ද්වේෂ සහගත ප්‍රකාශය අග්‍රාමාත්‍ය කාර්යාලය හෙළා දකින බවත් ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරන ලෙසට පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවත් නිවේදනයක් කර නිකුත් කරමින් සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව පත් කරන ලද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතනයක් බවද එහි සඳහන් වෙයි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ප්‍රසිද්ධියේ තර්ජනයට ලක්වීමත් එවැනි වගකීම් රහිත ප්‍රකාශනයන් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඉස්මතු කිරීමත් බරපතළ කාරණයක් බවද එම නිවේදනයෙන් අවධාරණය කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon