මරණ දඬුවම නියම වූවන්ගේ නම් හෙළි කළ නිලධාරියා ගෙදර යවනවා

  👤  3457 readers have read this article !
By mawbima 2018-07-20

කුමුදු උපුල් ශාන්ත

මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවන්ගේ නාම ලේඛනය මාධ්‍ය වෙත දුන් බන්ධනාගාර නිලධාරියකු මේ වනවිට හඳුනාගෙන ඇති බවත් මෙම සදාචාර සම්පන්න නොවන ක්‍රියාව සිදුකළ එකී නිලධාරියා ගෙදර යැවීමට කටයුතු කරන බවත් බන්ධනාගාර හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය පැවැසුවාය.

එකී නාම ලේඛනය තමන් දුටුවේද ඊයේ (19දා) බවත් එම ලේඛනය කිසිදු වැදගැම්මකට නැති ලියකියැවිල්ලක් බවත් ඒ මහත්මිය කීවාය.

එම ලේඛනය ජනාධිපතිවරයා වෙත යැවීමට පෙර අධිකරණ අමාත්‍යාංශය පැත්තෙන් කළ යුතු කාර්ය භාරයන් රැසක් තිබෙන බවද එවැනි අවස්ථාවක මාධ්‍යයෙන් එකී නාම ලේඛනය ප්‍රසිද්ධියට පත්වීම බරපතළ කාරණාවක් බවද පැවැසූ ඒ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ එකී නාම ලේඛනය මේ වනවිට ඉතා ආරක්ෂා සහිතව තමන් සතුව තිබෙන බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශක වන කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසූ අවස්ථාවේදී කියා සිටියේ එම ලේඛන මාධ්‍ය වෙත දීමට තම දෙපාර්තමේන්තුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් කෙසේ නමුදු ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැත්තෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon