ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ රදගුරු අභිෂේකයේ ස්වර්ණ ජයන්තිය සැමරේ

  👤  3055 readers have read this article !
By mawbima 2018-07-20

විශ්‍රාමික අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ රදගුරු අභිෂේකයේ ස්වර්ණ ජයන්ති උපහාර උළෙල ජූලි මස 22 වැනිදා ඉරිදා පස්වරු 5.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම උපහාර උත්සවයේ ප්‍රධාන දේශනය මහාචාර්ය ජේ.බී. දිසානායක විසින් පවත්වනු ලබයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා සහ දෙස් - විදෙස් නියෝජිතයන් විශාල පිරිසක් මේ උත්සව අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon