විශේෂ මහාධිකරණය හැදුවේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හිරේ දාන්නයි

  👤  2526 readers have read this article !
By mawbima 2018-07-22

නොනවතින පාතාල මිනීමැරුම් වැලක් පසුගිය දිනවල දකින්න තිබුණා. ඒ සමඟම කුඩු බෙදාහැරීම් මහා පරිමාණයෙන් සිදුවෙන බවට තොරතුරු වාර්තා වුණා. නමුත් මේ එක් සිදුවීමක්වත් පාලනය කර ගැනීමට පොලිසියට නොහැකි බව පෙනෙන්නට තිබෙනවා. එ.ජ.නි.ස. පාලන සමයේ මේ දේ මීට වඩා දරුණුව වුණා කියා ආණ්ඩුව කියද්දී දැන් පොහොට්ටුව මේ චෝදනාව ආණ්ඩුවට එල්ල කරනවා. මොකක්ද මේකෙ ඇත්ත නැත්ත?


මේ ආණ්ඩුව ආවට පස්සේ විදේශ ගත වෙලා හිටපු පාතාල කණ්ඩායම් නායකයෝ ලංකාවට එන්න ගත්තා. කොළඹ දිස්ත්‍රික්කයේ එ.ජා.ප. අපේක්‍ෂකයකුට සහාය දුන් පාතාල කල්ලි අතර ගැටුමක් ඇති වුණා. ජනවාරි 8 බලය අරගෙන අගෝස්තු වෙද්දී පාතාලය වැඩි වුණා. මේ සිදුවීමත් සමඟ පාතාලයට මේ කතාබහට ලක්වෙන පණ ආවේ. මීට අමතරව මාධ්‍ය මඟින් අනාවරණය වුණා පාතාල නායකයන් පස් දෙනෙක් ඇමැතිවරු ළඟ වැඩ කියලා. මේ කාරණාව ප්‍රතික්‍ෂේප කිරීමට ආණ්ඩුවට බැරි වුණා.


මම පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා සරත් ෆොන්සේකා ගාව මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයෝ ඉන්නවා කියලා. ඔවුන්ගේ නම් පිටින් මම පාර්ලිමේන්තුවේදී කිව්වා. මෙහෙම බලන විට පාතාලය කියන එක ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් සූක්‍ෂ්ම විදියට පවත්වාගෙන යන එකක් බවට පත් කරලා ඉවරයි. මාතරදී මහ මංකොල්ලකෑමක් සිද්ධ වුණා. පිස්තෝලය

ප්‍රභූවරයෙක්ගෙ කිව්වා. නමුත් අද වන තෙක් ඒ ප්‍රධාන ආරක්ෂකයන් වෙනුවෙන් ගන්න පියවරක් නැහැ. අන්තිමට වුණේ ඒ රහස එළිවෙන එක වළකා ගන්න අත්අඩංගුවට පත් සැකකරුව මරා දාපු එක. මේ ආණ්ඩුව පාතාලය මෙන්ම ත්‍රස්තවාදී කල්ලිවලට වැඩෙන්නත් නිදහස දීලා තියෙනවා. ඒකෙ ප්‍රතිඵලය රටේ පොදු ජනතාව අත්විඳිනවා. දවසකට මිනීමැරුම් 7 - 8ක් ගැන අහලා ඔළුව අන්‍ෙදාස් වෙලා දවස ගෙවන්න මිනිසුන්ට සිද්ධවෙලා තියෙනවා.


පොලිස් වාර්තා උපුටා දක්වමින් ජනාධිපතිවරයා කිව්වේ 2008 - 2015 කාලයට සාපේක්‍ෂව මිනීමැරුම් පාතාල ක්‍රියාකාරකම් අඩුවී ඇති බවයි. මහින්ද පාලනය කාලයේ තරම් අද පාතාල ක්‍රියාකාරකම් නැහැ කියායි එම වාර්තා අනුව කියැවුණේ?


මෙතැනට ඕන ඊනියා සංඛ්‍යා ලේඛන නෙවෙයි. මේ රටේ ජනතාව මැරිලා ඉපදිලා නැහැ. ඒ කාලයේ සිදුවීම්වලට වඩා අද මිනීමැරුම් වැඩියි කියා මිනිසුන්ට දැනෙනවා. ඒ කාලයේ පාතාලයට මෙච්චර නටන්න ලැබුණේ නැහැ. දැන් තමයි පාතාලය හිස ඔසවලා තියෙන්නේ. මොන ගණන් හිලව් පෙන්නුවත් ඒ ඇතිවන හැඟීම නැති කරන්න බැහැ. ජනාධිපතිවරයා වගේම පොලිස්පතිවරයාත් ඒ කාලේ ජීවත් වෙලා හිටියානේ.

අද ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයෝ ලංකාවේ ඉන්නේ බොහෝම කෙටි කාලයයි. සමහරු ඉන්නේ නිවාස 2 -3ක් අරගෙන. අද කොහේද ඉන්නේ කියලා කාටවත් කියන්නේ නැහැ. ඒ තරම් භීතියක් තියෙනවා. එල්.ටී.ටී.ඊ.යේ යුද්ධ පැවැති කාලයට වඩා මේ භීතිය වැඩිවෙලා. මධ්‍යම හා ඉහළ පාන්තික ව්‍යාපාරිකයන් පාතාලය නිසා දැඩි අර්බුදයක ඉන්නවා. අද සමහර ව්‍යාපාරිකයන් සිංගප්පූරුවට වෙලා ඉඳලා අවශ්‍ය ලියකියවිලි අස්සන් කරන්න විතරක් ලංකාවට ඇවිල්ලා යනවා. දෙමළ ව්‍යාපාරිකයන්ට පාතාලයට කප්පම් දෙන්න වෙලා. අනෙක් පැත්තෙන් දෙමළ අන්තවාදීන්ට කප්පම් දෙන්න වෙලා. මේකයි ඇත්ත. ඒ නිසා පොලිස්පතිගේ ගණන් හිලව් එක්ක මේක විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි.


මහා පරිමාණයෙන් කුඩු අහු වෙනවා හැමතැනම. රජයේ ආයතනවල ගබඩාවලින් කුඩු අහුවෙනවා. මේවා ගැන කතා නොකරන්නේ ඇයි? එදා කුඩු තිබ්බා කුඩු අහුවුණේ නැහැ. දැන් කුඩු අහුවෙනවා. ආණ්ඩුව ඒ විදියටයි මේකට උත්තර දෙන්නේ?


සතොස ගබඩාවෙන් කුඩු අහුවුණු පළමු වතාව නෙවෙයි. මේ දෙවැනි වතාව. මේක පොඩි ප්‍රමාණයක්. නෙවෙයි විශාල ප්‍රමාණයක්. මේ කුඩුවලට සම්බන්ධ ඇමැති තවම අත්අඩංගුවට අර ගත්තේ නැහැ. සතොස හරහා කුඩු ගේන්නේ කවුද? ජනාධිපතිතුමා මේ ගැන සොයා බැලුවාද?

පොලිසිය මේ ගැන සොයා බැලුවාද කියන එක අපි දන්නේ නැහැ. විජයකලා මහේෂ්වරන් කියනවා උතුරේ කුඩු බෝවෙලා ගංජා බෝ වෙලා කියලා. මැරකම් වැඩි වෙලා කියලා. ඒ සියල්ලටම වුණේ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරියගේ ආණ්ඩුව ආවට පස්සේ. අපේ කාලේ ආවා කල්ලිය තිබුණේ නැහැ. මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තිබුණේ නැහැ. හැබැයි විජයකලා මන්ත්‍රිවරිය කියනවා දේශපාලනඥයන් තමයි උතුරට මත්ද්‍රව්‍ය ගේන්නේ කියලා. එතකොට සතොසේදී අහුවුණේ ඒ දේශපාලකයාගේ බඩුද කියන එක සොයා බැලිය යුතුයි. පාසලක මුරකරුවකු කුඩු මි.ග්‍රෑ. 120ක ප්‍රමාණයක් එක්ක අත්අඩංගුවට පත්වුණා. මේ අය ඇමැතිවරුන්ගේ ළඟම ගෝලයෝ. පාසල් ළමයින්ටත් මෙයාලා කුඩු විකුණලා. අද ආණ්ඩුවේ ඇමැතිවරු කෙටිකාලීනව මුදල් උපයන මාර්ගය කුඩු බවට පත්වෙලා.


එදත් කුඩු තිබ්බා ඒ පිටුපස හිටපු අයට එදත් දඬුවම් නැහැ? අදත් නැහැ?


එදා ගම්වල කුඩු තිබ්බේ නැහැ. පොලිසිය වැටලීම් කළා. කුඩු ඇල්ලුවා. නමුත් අද ගම්වල කුඩු හොයන්න පොලිසිය මැදිහත් වෙන්නේ නැහැ යම් යම් හේතු නිසා. අද පොලිසිය මත්ද්‍රව්‍ය වෙළෙ¼දාමේ යෙදෙන ජාවාරම්කරුවන්ට එරෙහිව කරන කෙන්ගෙඩියක් නැහැ. එදා කුඩු ජාවාරම පිටුපස හිටිය අයව හොයලා ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණා. මේ ආණ්ඩුව එක එක චෝදනා එල්ල කරනවා විතරයි.


කුඩුවල වැරැදිකරු වී මරණ දඬුවම හිමි වී නැවැත එම ජාවාරමේ යෙදෙන අයට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා අස්සන් කිරීම හොඳ ක්‍රියාවක් ලෙස දකිනවාද?
එල්ලුම් ගහ ගේනවා කියලා සාකච්ඡා කරලා ප්‍රශ්නය මඟඅරින්න හදන්නේ. එල්ලුම් ගහේ කතාව කැබිනට් එකට ගෙනාවෙ කොරන්න නොවෙයි. එහෙම කරන්න නෙවෙයි මාතෘකාව වෙනස් කරන්නයි උත්සාහ ගන්නේ. 2015දී මේ ජනාධිපතිවරයා එල්ලුම් ගහ ගේනවා කිව්වා. කළේ නැහැ. ඔය ජනාධිපති කියන කිසි දෙයක් මේ රටේ ජනතාව විශ්වාස කරන්නේ නැහැ.
විශේෂ අධිකරණ පිහිටුවලා දූෂණ චෝදනා ඇති අයගේ නඩු විභාගයට ගන්න ආණ්ඩුව සූදානම්. මේ නිසා විපක්‍ෂ දේශපාලනඥයන් ලෙසට හිරේ යන්න වෙයි කියන මතය ගෙන එනවා.

පොලිසිය භාර ඇමැති, අධිකරණය භාර ඇමැති, පොලිස්පති, නීතිපති මහ රෑ රහස් සාකච්ඡා පවත්වනවා. මේකේ අන්තිම ප්‍රතිඵලය මොකක්ද? නීතිය හරියට ක්‍රියාත්මක නොකර මොකක්ද මේ කරන්න යන්නේ?


විශේෂ අධිකරණය හදන්න ගියේ දැන් තියෙන විදියට නෙවෙයි. ඔයිට වඩා බරපතළ මර්දනකාරී විදියටයි හදන්න ගියේ. ඒ විදියට කරන්න පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ගන්න ඕන කියලා උසාවිය නියෝග කළා. දැන් ආණ්ඩුවට 2/3ක් නැහැ. ඒ නිසා ආණ්ඩුව ශේ‍ර්ෂ්ඨාධිකරණ කියන සංශෝධන පනත ඇතුළේ සිදු කළා. ඒ අනුවයි ඔය කියන මහ අධිකරණය හදලා තියෙන්නේ. ඉන් බලන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ ඔවුනට අභියෝගයක් වූ දේශපාලන නායකයන් මර්දනය කොට හිරගත කොට ඔවුන්ට අභියෝගයක් වන නායකයන් දේශපාලන පිටියෙන් ඉවත් කිරීමයි. එහෙම කරලා පිටිය තමන්ට දිනන්න පුළුවන් පිටියක් බවට හදා ගන්නයි. ඒ පිටියේ මැච් ගහලා ආණ්ඩුව දිනන්න උත්සාහ කළාට ඒ විදියට ඒ මැච් එක දිනන්න හම්බ වෙන්නේ නැහැ.


මැච් එක දිනන්න දෙන්නේ නැහැ කිව්වට දැන් ඒකාබද්ධය ඇතුළේ ප්‍රශ්නනේ. එක් එක් ඇමැතිවරුන්ගේ ප්‍රකාශ පරස්පරයි. කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරුන්ගේ ප්‍රකාශ හරහා ආණ්ඩුව කියන්නේ ඒකාබද්ධය ඇතුළේ කචල් කියලා. ඒ අස්සේ ආණ්ඩු ගන්න, බලය ගන්න උත්සාහ කරනවා. මොකක්ද මේ වෙන්නේ?


අපේ සමහරු ආණ්ඩුවේ මාධ්‍යවල තරු බවට පත්වෙලා. ඇත්තටම මෙතැන තියෙන්නේ ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳ සංවාදයක්. මේ සංවාදය සමහරු අනවශ්‍ය තලයකට අරගෙන ගිහින් තියෙනවා. කවුරුත් දන්නවා ජනාධිපතිවරණයකට පෙර අපේක්‍ෂකයා අහවලා කියා මහජනයා ඉදිරියේ පෙනී ඉඳලා නැහැ. ගමේ පුංචි මිනිසාගේ ඉඳන් ඉහළ මිනිහා දක්වා අද ඉන්නවා නිගමනයක මේ රටට ඕන මොන විදියේ නායකත්වයක්ද කියා. වැටිලා තියෙන රට නැවත ගොඩගන්න රට ආරක්ෂා කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ හැකි නායකයෙක් රටට ඕන.

රටේ අගමැතිම කියනවා රටේ ආර්ථිකය මේ අවුරුදු තුනට සියයට 30කින් කඩා වැටිලා කියලා. රටේ අගමැතිම කියනවා මිනිස්සු අතේ සල්ලි නැහැ කියා. පාතාලය එක පැත්තකින් රජ වෙනවා. උතුරේ හමුදා කඳවුරු ගලවනවා. යුද හමුදාව සියයට 25කින් අඩු කරනවා. මේ සියල්ල එක්ක මිනිස්සු කියනවා ඉතිහාසයේ පළමු වතාවට අහවලා තමයි ජනාධිපති අපේක්‍ෂකයා විය යුත්තේ කියා යෝජනාවක් තියෙනවා. ඒක තනි මිනිහෙකුගේ යෝජනාවක් නෙවෙයි. බහුතරයකගේ කැමැත්ත. ඒ ප්‍රාර්ථනාව තමයි ගෝඨාභය රාජපක්‍ෂ. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකත්වයට සුදුසු නැහැ කියා කවුරු හරි කියනවා නම් ඒ කෙනා වෙනත් යම් අරමුණක් ඇතිවයි කියන්නේ. අපි ඉඩ දෙන්න ඕන ජනතා ප්‍රාර්ථනාවට. ඒක අපි තේරුම් ගත යුතුයි. විවිධ මත පළ වුණාට අවසානයේ අපි කවුරුත් එකම අරමුණක් වෙනුවෙන් ඉලක්කයක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා.

 

හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ කියා හමුදාපතිවරයා කියා තිබෙනවා. එහෙනම් ඔබ කියන ප්‍රකාශයේ වගකීමක් තියෙනවාද?


මට අභියෝග කරන්න බැහැ හමුදාපතිට එන්න විවාදයකට කියලා. හැබැයි මට අභියෝග කරන්න පුළුවන් රුවන් විජයවර්ධන ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමනි, ඔබතුමා එන්න විවාදයකට. අපේ පාර්ශ්වයෙන් වාද කරන්න ජයන්ත සමරවීර මැතිතුමා එනවා. ඔබ දෙදෙනා වාද කරලා ඔප්පු කරලා පෙන්වන්න හමුදාවේ සියයට 25ක් අඩු කරනවාද නැද්ද? හමුදා කඳවුරු 100ක් ගලවනවාද නැද්ද? ඒකෙන් හමුදාව තුළ අර්බුදයක් තියෙනවාද නැද්ද කියලා. කරුණු සහිතව ඔප්පු කරලා පෙන්වන්න ජයන්ත සමරවීර මන්ත්‍රිතුමා සූදානම්. ඒ නිසා ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිතුමාට අපි අභියෝග කරනවා හමුදාපති කියන එක ඇත්ත නම් ඒ ඇත්ත අරගෙන එන්න විවාදයකට කියලා.


විගණන පනත අස්සන් කර අවසන්. විගණන පනත හරහා හොඳ දෙයක් රටට වෙයිද?


තිබුණු තත්ත්වයට වඩා යම්කිසි යහපතක් ඒකෙ තියෙනවා. නමුත් බලාපොරොත්තු වූ යහපතක් ඒකේ නැහැ.


බලාපොරොත්තු වූ යහපත මොකක්ද?


විගණන පනත හදපු අය බලාපොරොත්තු වුණා වරදක් වුණොත් ඒ මුදල් අයකර ගැනීමේ බලය විගණන නිලධාරියාට ගන්න. නමුත් පනත ඇතුළේ ඒක අන්තර්ගත වෙලා නැහැ. රාජ්‍ය සේවයේ ඇති අක්‍රමිකතා හැකිතාක් දුරට අවම කර ගන්න විගණනය ඕන වෙන්නේ ඒකට. ඒ සඳහා විගණන නිලධාරියාට යම්කිසි බලයකුත් තිබිය යුතුයි. ඒ බලය අපේක්‍ෂා කරන මට්ටමට වැඩි වීමක් වෙලා නැහැ.


විගණන පනතෙත් සිදුරු තියෙනවාද?


ඔව් වරදක් කරලා පැන යා හැකි සිදුරු තියෙනවා.


රටක ආර්ථික වාසි ගෙන එන සිංගප්පූරු ගිවිසුමට විරුද්ධ ඇයි? මේ ගිවිසුම ආර්ථික වශයෙන් රටට පාලමක් කියායි ආණ්ඩුව හඳුන්වන්නේ? මොකක්ද ඇත්ත?


ආර්ථික වශයෙන් ගත්විට මේසා විශාල පාලමක් විදියට ආණ්ඩුව සිංගප්පූරු ගිවිසුම හොර රහසේ කලබලේ අස්සන් කළේ. ඇමැති මණ්ඩලයේ අනුමැතිය නිසි ලෙස නොගෙන, ජනාධිපතිවරයාගේ අනුමැතියත් නිසි ලෙස නොගෙන, පළාත් පාලන පැවැති අස්සේ හොර රහසේ කාටත් අවදානමක් නොවී අස්සන් කළේ ඇයි ද කියන එක ප්‍රශ්නයක්. ගිවිසුම හරහා රටට හොඳක් වෙනවා නම්, බිලියන ගණනක් රටට ආයෝජන එනවා නම්, ඒ ගැන රටට කියලා මේකේ ප්‍රතිඵල ගැන කියලා වෘත්තිකයන් අතර සංවාද ඇති කරලා වෘත්තිකයන්ට මෙහි යහපත් පැත්ත පෙන්නලා ඒත්තු ගන්වලා කරන්න තිබුණා. නමුත් ආණ්ඩුව කළේ බොරුවක්.


ගිවිසුමේ කාරණා ගත්විට රටට හොඳ දේ තියෙනවා. ඒක දකින්නේ නැත්තේ ඇයි?


හොඳ දේට වඩා නරක දේ ගොඩක් භයානකයි. එහෙම බලනකොට මේ ගිවිසුමේ හොඳක් ඇත්තෙම නැහැ. සිංගප්පූරුවේ මෑන් පවර් සමාගම්වල අය මේ රටේ රැකියාවලට එන්න අවස්ථාව ලැබෙනවා. සිංගප්පූරුව හරහා එන සියලු භාණ්ඩ හා සේවාවලට බදු සහන ලැබෙනවා. සිංගප්පූරුවෙන් එන බඩුවලට දැනට අපි බදු අය කරනවා. සාමාන්‍යයෙන් රුපියල් මිලියන 1600ක් පමණ වසරකට බදු ආදායමක් ලැබෙනවා. අපි සිංගප්පූරුවට යවන බඩුවලට මෙතෙක් කල් බදු ගැහුවේ නැහැ. එතකොට අපිට මේ ගිවිසුමෙන් අලුත් සහනයක් නැහැ. අපිට සිංගප්පූරුවෙන් වී, සහල් ගේන්න පුළුවන්. වී, සහල් සිංගප්පූරුවේ නිෂ්පාදනයක් නැහැ. තායිලන්තය හරි මියන්මාර් හරි හාල් අතිරික්ත කාලෙට මේඩ් ඉන් සිංගප්පූර් කියලා ගහලා පොහොර උරේක දාලා එවයි. සිංගප්පූරුව හරහා දකුණු ඉන්දියානු ශ්‍රමිකයන් එවන්නත් පුළුවන්. එතකොට මේ රටේ ශ්‍රමයේ මිලේ වටිනාකම අඩු වෙනවා. මේකෙන් සමාජයට සෘණාත්මක බලපෑමක් විතරයි ඇති වෙන්නේ. ඒ වගේම ලංකාවට අපද්‍රව්‍ය ගේන්න පුළුවන්. අපි විකිරණ දේ, රසායනික ද්‍රව්‍ය, රෝහල්වල සහ වැසිකිළි අපද්‍රව්‍ය හැමදේම ගේන්න පුළුවන්. චීනයේ වත්මන් ජනාධිපති එරට කර්මාන්තවලින් පිටවන න්‍යෂ්ටික අපද්‍රව්‍ය චීනය තුළ තියන්න දෙන්නේ නැහැ. ඒ අපද්‍රව්‍ය කොහෙටද ගෙනි යන්නේ කියලා ඒ අයට ප්‍රශ්නයක්. දැන් ඒකට තමයි සිංගප්පූරු ගිවිසුම හරහා ලංකාව විවෘත කළේ. එක පැත්තකින් අපි දකුණු ආසියාවේ මීතොටමුල්ල බවට පත්වෙනවා. අනෙක් පැත්තෙන් අපේ ශ්‍රමය වෙන අයට කොල්ලකන්න ඉඩ දෙනවා. බදු සහන එක්ක නිෂ්පාදන ලංකාවට එන්න ගත්තම දේශීය කර්මාන්තකරුවට පවතින්න බැරි වෙනවා. කඩා වැටෙනවා. සිංගප්පූරුවෙන් අහිමි වන මිලියන 1600 පියව ගන්න දේශීය ව්‍යාපාරිකයාට බදුබර පටවනවා. දේශීය ව්‍යාපාරිකයාට බදුබර පටවලා තමයි අතනින් අහිමි වන ගණන සොයා ගන්නේ. එහෙම කරලා පාර හදලා දෙන්නේ විදේශීය නිෂ්පාදකයාට. මේ ගිවිසුමෙන් ලංකාවේ කිසිම අයකුට සෙතක් වෙන්නේ නැහැ. හිතක් පපුවක් තියෙන ආණ්ඩුවකට මේ විදියේ ගිවිසුමක් අස්සන් කරන්න බැහැ.


ව්‍යවස්ථා වෙනසකට ගිහින් ඡන්දයක් නොතියා බලය ගන්නද ආණ්ඩුව හදන්නේ?


20 වැනි සංශෝධනය මේ විදියට යනවිට පසුගිය 18 වැනිදා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට නව ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත ගෙනත් තියෙනවා. ඒක කලින් ආපු කෙටුම්පතට වඩා බෙදුම්වාදී අවශ්‍යතා ඉටු කිරීමට ගෙන ආ කෙටුම්පතක්. ආණ්ඩුව බලන්නේ කොහොම හරි ඊළඟ ඡන්දයට ඉස්සර සුළු ජාතික ඡන්ද බලාගෙන මේ ‍ෙදාළපිදේණිය දෙන්න. ඊට පස්සේ සුළු ජාතික ඡන්ද පදනම තමන් යටතට ගන්න.


එ.ජා.ප.ය - ශ්‍රී ල.නි.ප.ය දෙකම උත්සාහය මේ දේම කියා ඔබලා සමහර අවස්ථාවේදී චෝදනා කරනවා. නමුත් ආණ්ඩුවක් වුණාම සුළු ජාතික ප්‍රශ්නවලට මැදිහත් වීම නරකද?
මේ අය දෙගොල්ලක් හැටියට පෙනුණට තීරණාත්මක කාරණාවලදී ඔය දෙගොල්ලෝ දෙගොල්ලක් නෙවෙයි එක් කට්ටියක් වෙනවා. ආණ්ඩුවක් සුළු ජාතික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ඕන. එහෙම කියලා රටේ ආරක්‍ෂාව බිල්ලට තියන්න දෙන්න බැහැ. මේ අය දෙපිලකට බෙදිලා මේ කාරණාවලදී හිටියට අන්තිමට එකතු වෙනවා.


මත්තලින් නිසි ප්‍රයෝජනයක් ගන්න බැරි නම් බදු දී හෝ ආදායම් උපයන එක වැරැදිද?


"චීනෙට වරාය දුන්නට කෑගහන ඒකාබද්ධය සිය පාලන කාලයේ රට ණය බරක හිර කළා. ඒකයි මේ විදියට කරන්න වුණේ" කියා ආණ්ඩුව නඟන චෝදනාවට හදවතට එකඟව ඔබලාට දෙන්න පිළිතුරු නැහැ නේද? මත්තල හෝ හම්බන්තොට වරාය ණය වාරික ගෙවීමේදී මහ භාණ්ඩාගාරයට බරක් වෙලා නැහැ. හම්බන්තොට වරායට ගත්ත ණය වාරිකය මෙතෙක් ගෙවාගෙන ආවේ තවදුරටත් ගෙවන්නේ වරාය අධිකාරිය. වරාය අධිකාරිය මේ ණය වාරිකත් ගෙවලා ලාබ ලබන ආයතනයක්. මත්තල ගුවන්තොටුපළ හදන්න ගත්ත ණය ගෙවන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරිය. ඒ අයත් මේ ණය වාරිකය ගෙවලා ලාබ ලබනවා. මේ ණය වාරික ගෙවා ගන්න බැරිව ලංකාව හිඟන තත්ත්වයට රට පත්වෙලා කියන එක පට්ටපල් බොරුවක්. මේවා විකුණලා ගන්න සල්ලිවලින් අර ණය ගෙවන්නෙත් නැහැ. හම්බන්තොට විකුණලා ගත්ත මුදල්වලින් ණය බේරුවේ නැහැ. මේ අයට කාර් ගන්න, ඇමැතිවරුන්ට වරප්‍රසාද වැඩි කරගන්න, පගා දෙන්න යොදා ගත්තා. හම්බන්තොට වරාය විකුණුවට පස්සෙත් වරාය අධිකාරිය අර ණය වාරික ඒ විදියට ගෙවනවා. ඒ නිසා ආණ්ඩුව කියන කතාව බොරු. මත්තල ගුවන්තොටුපළ වාණිජ වශයෙන් අනාගතයේදී ඵලදායි නොවන තැනක් නම් ඉන්දියාව වගේ රටක් මේක ගන්න ඉදිරිපත් වෙයිද? වාණිජ මට්ටමින් අනාගතයේදී ඵලදායි වෙන නිසා නේද හම්බන්තොට වරාය චීනා ගත්තේ. මත්තල ඉන්දියාව ගත්තේ. ඒ විතරක් නෙවෙයි රටේ හැම ස්ථානයක්ම විකුණන්න හදන්නේ. කන්කසන්තුරේ වරාය ඉන්දියාවට දෙන්න හදනවා. කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න හදනවා. පලාලි ගුවන්තොටුපළ ඉන්දියාවට දෙන්න හදනවා. සිංගප්පූරු වරාය සිංගප්පූරු, ඉන්දියන්, ජපන් තුන්ගොල්ලටම දෙන්න හදනවා. සිංගප්පූරු කියලා එන්නේ බොහෝ වෙලාවට ඇමෙරිකාව වෙන්න පුළුවන්. ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් සම්පත් ටික විකුණලා දැම්මම රටට අනාගතයක් තියෙයිද? රටේ ස්වාධීනත්වයට ඇතිවන බලපෑම මොකක්ද?


අගමැතිවරයා චීන සබ්මැරීන් ගැන කියන්නේ ඒ අනතුර දැනුණු නිසාද?


නේපාලයේ ඕන තරම් දිය ඇලි තියෙනවා. නමුත් නේපාලයේ මිනිසුන්ට විදුලිය ලැබෙන්නේ පැය 12යි. අර දිය ඇලිවලින් නිපදවන විදුලිය ඉන්දියාවටයි ගෙනි යන්නේ. නේපාලයේ මිනිස්සු කළුවරේ ඉන්නවා. නේපාලයේ දිය ඇලිවලින් නිපදවන විදුලිය ඉන්දියාවට යනවා. ඉන්දියාව ඒ විදියට ප්‍රාණ ඇපකරුවෙක් විදියට පත් කරගෙන. දැන් අපිත් ඒ තත්ත්වයට පත්කර ගන්නයි හදන්නේ. මේක අපේ අනාගත පරපුරට බලපාන්නේ කොහොමද? මේක ලෝක බලවතුන් මේ අය අතර ප්‍රතිවිරෝධයක් තියෙනවා. ඒ ප්‍රතිවිරෝධය ඇති දෙන්නා කිලෝමීටර 10 - 15ක දුරින් තියා ගත්තම අනාගතයේදී අහක යන පරිප්පුවක් කන්න වෙන්නේ අපටයි. මේක දිහා බලන්න ඕන වාණිජ අර්ථයෙන් විතරක් නොවෙයි. ආරක්‍ෂාව පැත්තෙන් රටේ ස්වෛරීභාවය පැත්තෙන් මේක බලන්න ඕන. මත්තල ගුවන්තොටුපළට ගුවන් යානා එන්නේ නැහැ කිව්වම මත්තලට වී ගොඩ බෑවේ එන ගුවන්යානා නවත්වන්න. මේ ආණ්ඩුව ආවම මත්තල හිටපු ඉන්ජිනේරුවෝ අයින් කර ගත්තා. මත්තලට ආපු ෆ්ලයි ඩුබායි ගුවන් සේවයත් කිව්වා මත්තලට ඉන්ජිනේරුවෙක් තියන්න කියලා. තිබ්බේ නැහැ. දුන්නේ නැහැ. පස්සේ එම ගුවන් සේවය නතර වුණා. ඒකෙන් කිව්වේ උඹලා එන්න එපා කියලයි. මත්තල ආදායම් උපදවන්නේ ගුවන් යානා ගොඩබෑමෙන් විතරක් නෙවෙයි. මේ හරහා ඕස්ට්‍රේලියාවට යන අලුත් ගුවන් මාවතක් ඇති වුණා. මාසෙකට ගුවන් ගමන් 150ක් විතර යනවා. ඒ හැම ගමනේදීම ඩොලර් 250ක් ලංකාවට ලැබෙනවා. ගුවන්තොටුපළක් හදපු ගමන් ගුවන්යානාවලින් පිරිලා ඉතිරිලා යන්නේ නැහැ. මත්තල විකුණගන්න ප්ලෑන් කරලමයි වී ටික ගොඩබාලා විකාරයක් කළේ. මේ විදියට ගියොත් රටේ ආරක්ෂාව ගැන දෙවරක් හිතන්න ඕන.


ඒකාබද්ධය බලයට ආවොත් මේ ගිවිසුම් අහෝසි කළ හැකිද?


චන්ද්‍රිකාගේ කාලයේ ෂෙල් සමාගමට අපේ ගෑස් සමාගම දීලා තිබුණා. ෂෙල් එක ඉල්ලපු ගාණ ගෙවලා අපි ඒක ගත්තා. ශ්‍රී ලන්කන් එක එමිරේට්ස් එකට දීලා තිබුණා. ඒ අය ඉල්පු ගාණ ගෙවලා අපි ඒක ආපහු ගත්තා. එහෙම ගන්න අවස්ථාවක් නැත්තේ නැහැ. හැබැයි කියන මිල අපට ගෙවන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය එනවා.


සමාජජාලා වෙබ් අඩවි හරහා ඔබේ නඩුවක් වසාගන්න ඔබේ බිරිය ආණ්ඩුවේ ඇමැතිවරු දෙදෙනකුගෙන් උදවු ඉල්ලපු හඬ පටයක් තියෙනවා. මේ කතාව ඇත්තක්ද? රන්ජන් රාමනායක මේ ගැන කියන්නේ හොර අල්ලාගන්න උදවු කරනවා කියා පෙනී සිටි බවයි. ඔබ ඇත්තටම උදවු ඉල්ලුවද?


රන්ජන් රාමනායකට ගැළපෙන රස්සාව දුරකථන ක්‍රියාකරු රැකියාව. ගැළපෙන්නේ ඒක. මාධ්‍ය සාකච්ඡාවට ඇවිත් පල්වෙලා කිචවෙලා යන එකයි එතුමගේ ජීවිතේ වෙලා තියෙන්නේ.

එතුමා කවුරු හරි එක්ක කතා කළා නම්, ඒ කතා කළ එක පටිගත කර ගත්තා නම් ඒක ඒ මිනිහගේ සදාචාරාත්මක බව ඒකෙන් මතුවෙනවා. ඔහු ඒකෙන් පෙන්වන්න හදන්නේ විකෘති කළ හඬ පටයක් හරහා වීරයෙක් කියලා, අපි අපේ නඩුවලට ආණ්ඩුවෙන් සහාය ගන්නවා කියලා. මාව මාස තුනක් හිරේ දැම්මේ ආණ්ඩුවේ සහාය ලැබුණු නිසාද? කිසිම ආකාරයකින් අත්අඩංගුවට ගැනීමට කිසිම හේතුවක් නැති තත්ත්වයක් යටතේ පිටරට යන්න නොදී අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවේ සහාය ගත්ත නිසාද? මට බිරියට දරුවන්ට වට කරලා අවලාද කියන්නේ ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා තියෙන නිසාද? අපි මේ ආණ්ඩුවට අදත් තදින් පහර ගහන්නේ මේ ආණ්ඩුවට ඩීල් දාලා තියෙන නිසාද?


මලික් සමරවික්‍රම එක්ක ඩීල් දාපු අය තමයි සිංගප්පූරු විවාදය අතරේ ඇවිත් කතා කළේ. සභාවේ වෙන කවුරුත් හිටියේ නැහැ. විරෝධයක් පෙන්වන්න කවුරුත් නැහැ. ප්‍රශ්න අහන්න කවුරුත් නැහැ. ජ.වි.පෙ. අන්න එතනයි ඩීල් තියෙන්නේ. ඩීල් කියන ඒවා හෙළි වෙන්නේ විකෘති කරලා හදපු හඬපටවලින් නෙවෙයි. මිනිසුන්ගේ භාවාත්මක හැඟීම්වලින් තීරණාත්මක අවස්ථාවලදී හැසිරෙන විදියෙන්, ගන්න තීරණවලින්. අපි අපේ දේශපාලන සම්භාවිතාවේ දිගටම ඔප්පු කරලා තියෙනවා අපිට තියෙන්නේ එක ඩීල් එකයි කියලා. ඒ මේ රටයි. ජනතාවයි විතරයි. වෙන ඩීල් තියෙනවා නම් අපට අද මේ විදියට දේශපාලනයේ හැසිරෙන්න බැහැ. කතා කරන්න බැහැ. තීරණ ගන්න බැහැ. ඒ නිසා ඇත්ත ඩීල්කාරයෝ උත්සාහ කරනවා අපේ ඩීල් තියෙනවා කියා පෙන්වන්න. ඒකයි ඇත්ත. විකෘති කළ හඬපටවලින් මේ දේවල් ඔප්පු කරන්න හැදුවට රටේ ජනතාව ඇත්ත මොකක්ද කියා දන්නවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon