‘සිරිකොත’ ගමට ගෙන යෑම ඇරැඹේ

  👤  2343 readers have read this article !
By mawbima 2018-07-22

ත"සිරිකොත" ගමට ගෙනයන වැඩපිළිවෙළ යටතේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ දිස්ත්‍රික් සංවිධාන හමුවීම් සහ රැස්වීම් මාලාවේ ආරම්භක රැස්වීම ඊයේ (21දා) කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.

මෙම රැස්වීම්වලදී එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණවලදී ජයග්‍රාහී මාවතකට රැගෙන යෑම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමත්, ඒ සඳහා පක්ෂ සාමාජිකයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමත් සිදුකෙරිණි. මීට අමතරව එජාපයේ ප්‍රාදේශීය නායකයන් සහ පාක්ෂිකයන් මුහුණ දෙන ගැටලු සහ අභියෝග හඳුනාගෙන ඊට අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාගැනීමද සිදුවේ. එජාප ප්‍රතිසංවිධාන කිරීමේ රැස්වීම් මාලාවේ දෙවැනි රැස්වීම ඊයේ සවස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon