ජනපති නියෝග නොතකා පළාත් මන්ත්‍රීහු රට සවාරි

  👤  2367 readers have read this article !
By mawbima 2018-07-22

රුචිර දිලාන් මධුසංඛ

නිල සංචාර හැර රජයේ මුදල් වැය කරමින් පළාත් සභා මන්ත්‍රිවරුන්ට රට සවාරි යෑම ජනාධිපතිවරයා විසින් තහනම් කර තිබියදීත් ආණ්ඩුකාරවරුන්ටද නොදන්වා මේ දිනවල පළාත් සභා මන්ත්‍රිවරුන් රට සවාරි යෑමට පටන්ගෙන ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයකු "මව්බිම"ට පැවැසීය.

මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රිවරුන් මේ වන විටත් එවැනි රට සවාරියක් ගොස් ඇති අතර උෟව සහ වයඹ පළාත් සභාවේ මන්ත්‍රිවරුන් ඉදිරි කාලය තුළ එවැනි සංචාර දෙකක් යෑමට නියමිත බවද එම ප්‍රකාශකයා කීවේය.මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුවී ඇති අතර යම් ලෙසකින් මෙම සංචාර සඳහා පළාත් සභාව සතු මුදල් වැය කිරීමට ඉල්ලීම් ලැබුණහොත් එම ප්‍රතිපාදන අනුමත නොකරන ලෙස ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී ඇත.

මධ්‍යම පළාතේ මන්ත්‍රිවරුන් එම සංචාරය යෑම සඳහා තමාගේ කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බව එම පළාතේ ආණ්ඩුකාර පී.බී. දිසානායක 'මව්බිමට' කියා සිටියේය. මේ අතර උෟව පළාතේ ආණ්ඩුකාර ආර්.ඒ.බී. රැකව මහතා සඳහන් කළේ තමන් ජනාධිපතිවරයාගේ නියෝගය ගැන දැනුවත් වී ඇති බැවින් කිසිසේත් එවැනි සවාරි සඳහා අවසර නොදෙන බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon