පොහොට්ටුවෙන් මුස්ලිම් පෙරමුණක්

  👤  2576 readers have read this article !
By mawbima 2018-07-22

ඉෂාරා සිල්වා, ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

සිය දේශපාලන ව්‍යාපාරයට මුස්ලිම් ජනතාවගේද පුළුල් සහභාගිත්වයක් ලබාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව මුස්ලිම් පෙරමුණක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබේ. 'ශ්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණ' ලෙසින් නම් කර ඇති මෙම දේශපාලන ව්‍යාපාරය දිස්ත්‍රික් නියෝජනයන් සහිතව ජාතික මෙහෙයුම් කමිටුවක්ද පසුගියදා පිහිටුවාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡාවක් බත්තරමුල්ල, නෙලුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඒ සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ප්‍රාදේශීය මුස්ලිම් නායකයන් 500කට අධික පිරිසක් සහභාගි වී තිබේ.

සතියක් ඇතුළත සෑම දිස්ත්‍රික්කයක් තුළම දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු පිහිටුවීමටත් ඉන් අනතුරුව මසක් ඇතුළත මුස්ලිම් ජනතාව ජීවත් වන දිවයිනේ සියලු ග්‍රාමසේවා වසම් තුළ ශ්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණෙහි මෙහෙයුම් ශාඛා පිහිටුවීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon