රජයේ වැඩපිළිවෙළට එරෙහි අස්සන් දස ලක්ෂය රැස්කිරීම අරඹයි

  👤  2727 readers have read this article !
By mawbima 2018-08-10

හිදෝගම - අමිල ප්‍රභාත්

රට අරාජික කරන ජනතා ද්‍රෝහී ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව ශ්‍රී ලංකා මහජන පක්ෂය විසින් ජනතාවගේ අස්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහන ඊයේ (9දා) අනුරාධපුර නගරයේදී අරඹන ලදී.

අධික බදුබර, වැඩිවන ජීවන වියදම, මහ බැංකු කොල්ලය, අධ්‍යාපන කප්පාදුව, සිංගප්පූරු ගිවිසුම, ජාතික සම්පත් විකිණීම, රණවිරු දඩයම, දේශපාලන පළිගැනීම්, මැතිවරණ කල්දැමීම, ගොවි සහන කප්පාදුව ඇතුළු කරුණු මුල් කරගනිමින් ඊට එරෙහිව ජනතාව පෙළගැස්වීමේ මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකා මහජන පක්ෂය විසින් සිදුකරනු ලබයි.

රට පුරා ජනතාවගේ අස්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ පළමු පියවර කුරුණෑගල ප්‍රදේශයේදී පසුගියදා ආරම්භ කළේය. ඒ අනුව ඊයේ (9දා) අනුරාධපුර නව බස් නැවතුම්පළ ඉදිරිපිටදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක වයඹ පළාත් සභා මන්ත්‍රි අසංක නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන ඇරැඹිණි.

ජනතාවගේ අස්සන් දසලක්ෂයෙන් යුතු සන්දේශයක් මේ අනුව ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, කථානායකවරයාට හා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට භාරදීමට කටයුතු කරන බවද එම පක්ෂයේ නායක වයඹ පළාත් සභා මන්ත්‍රි අසංක නවරත්න මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අනුශාසක මිල්ලවානේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම අවස්ථාවට එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක අනුර ප්‍රේමරත්න මහතා ඇතුළු නිලධාරීන් හා ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon