බණ්ඩාරනායක ජැටියෙන් 70%ක් චීනයට විකුණන්න හදනවා

  👤  2939 readers have read this article !
By mawbima 2018-08-10

අනුරාධා හේරත්

කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් 70%ක් චීනයට විකිණීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව දූෂණ විරෝධී හඬ අනාවරණය කරයි.

මේ පිළිබඳව කරුණු හෙළිදරව් කරන දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා 'මව්බිම'ට පැවැසුවේ කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් 70%ක් චීනයට හා 30%ක් දේශීය සමාගම් දෙකකට විකිණීමට වරාය අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණයකර ඇති බවය.

ඒ අනුව අදාළ ජැටිය වරාය සම්බන්ධ සියලු කටයුතු මෙන්ම එහි වෙළෙඳ සංකීර්ණයක් හා ඇවිදින මංතීරු සේවාවක් සඳහා යොදා ගැනීමට කටයුතු සලසා ඇතැයි සමරසිංහ මහතා 'මව්බිම'ට පැවැසීය.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ මේ වනවිට කොළඹ නැඟෙනහිර වරාය විකිණීමටද අවශ්‍ය කටයුතු දියත් කරමින් සිටින බවත් මෙසේ සියලු කොටස් විදේශයට විකිණීමට කටයුතු කිරීමෙන් අවසානයේ ඉතිරි වන්නේ ජයබහලුම් පර්යන්ත ඒකකය පමණක් බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon