මගී ගමන් පහසුවට දුම්රිය 8ක් යොදවනවා

  👤  2862 readers have read this article !
By mawbima 2018-08-10

උපතිස්ස පෙරේරා

දුම්රිය සේවකයන්ගේ වැඩ වර්ජනය දිගටම ක්‍රියාත්මක වීම නිසා දුම්රිය මගීන්ගේ ගමන් පහසුව තකා කොළඹ කොටුවේ සිට සියලුම මාර්ග ආවරණය වන පරිදි දුම්රිය 8ක් ධාවනය කිරීමට දුම්රිය බලධාරීන් ඊයේ (9දා) සවස් වන විට කටයුතු යොදා තිබිණි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ මහනුවර, රඹුක්කන සහ මහව දක්වා දුම්රිය තුනක්ද මුහුදු බඩ මාර්ගයේ ගාල්ල සහ මාතරට දුම්රිය බැගිින්ද පුත්තලම මාර්ගයේ හලාවත දක්වා දුම්රිය දෙකක්ද අවිස්සාවේල්ල දක්වා එක් දුම්රියක්ද බැගින් ධාවනය කිරීමට පියවර ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon