භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්මත නොකිරීමට රජය තීරණය කරයි

  👤  2738 readers have read this article !
By mawbima 2018-08-10

රුචිර දිලාන් මධුශංඛ

භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර තිබේ.අදාළ පනත ගෙන ඒමෙන් ඇතිවිය හැකි අර්බුද ගැන මල්වතු කාරක සංඝ සභාව හා අස්ගිරි කාරක සංඝ සභාව ඉදිරිපත් කළ යෝජනා, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වෙත භාරදී ඇති අතර ඒ ගැන තවදුරටත් අධ්‍යයනය කිරීමට රජය තීරණය කර ඇති බවද වාර්තා වේ.

එබැවින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්මත නොකෙරෙනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග කියා සිටී.

මල්වතු හා අස්ගිරි කාරක සංඝ සභාව ඉදිරිපත් කළ කරණු දැක්වීම පිළිගත් රජය එම පනත් කෙටුම්පත අත්හැරීමට තීරණය කර ඇතැයිද ඉහත සඳහන් ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon