දැනුම් නොදී කරන වැඩ වර්ජන අසාධාරණයි

  👤  2872 readers have read this article !
By mawbima 2018-08-10

පයාගල - සුජිත් මාරියෝ

කලින් දැනුම්දීමකින් තොරව දුම්රිය සේවකයන් වැඩ වර්ජනයකට යෑම අසාධාරණ යැයි හිටපු ප්‍රවාහන ඇමැතිවරයකු වූ ජාතික සමඟිය සහ සහජීවනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ඊයේ (09දා) කළුතරදී ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කළුතර පැවැති වැඩමුළුවකින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

"උදේ වැඩට ගිය අය සවස ගෙදර එනතුරු බිරින්දෑවරුන් දරුවන් බලා සිටිනවා. එම තත්ත්වය තුළ කලින් දැනුම් නොදී කරන මෙම වර්ජන අසාධාරණ යැයි මා කල්පනා කරනවා" යැයි ඇමැතිවරයා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon