වැඩ වර්ජනය හෙළා දකිනවා

  👤  2766 readers have read this article !
By mawbima 2018-08-10

උපතිස්ස පෙරේරා

කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අත්තනෝමතික ලෙස දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් දැඩිව හෙළා දකින බවත් මෙය ඉතා ශෝචනීය කරුණක් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ඕනෑම අයකුට ඇති අයිතිය තමන් කිසිවිට බැහැර නොකරන බව සඳහන් කරන අමාත්‍යවරයා එවැනි ක්‍රියාමාර්ග ගැනීමේදී ජනතාව අපහසුතාවට පත් නොකිරීම වෘත්තීය සමිතිවල වගකීමක් බවද පෙන්වා දෙයි.

මෙම වෘත්තීය ඉල්ලීම් අමාත්‍ය මණ්ඩලය කිසිසේත් ප්‍රතික්ෂේප කර නොමැති බවත් එම ඉල්ලීම් නියමාකාරයෙන් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ක්‍රියා කරන බවත්, ඊට යම් කාලයක් ගතවන බැවින් අසාධාරණ ලෙස වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු නොවන්නැයි අමාත්‍යවරයා සියලු වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි. විශේෂයෙන් මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ගමනාගමන පහසුකම් පිළිබඳව සලකා බලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නවතා සාකච්ඡා මට්ටමෙන් මෙම ප්‍රශ්න විස¼දා ගැනීමට සහාය දෙන ලෙසද ඇමැතිවරයා ඉල්ලීමක් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon