මේවා වෙන්නේ සුදු වෑන් නැති නිසා

  👤  2853 readers have read this article !
By mawbima 2018-08-10

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

ස්ට්‍රයික් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ සුදු වෑන්වලින් අරන් ගිහින් මරන්නේ නැති නිසා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (9දා) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ස්වාධීන කොමිෂන් සභා නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා තිබෙනවා. ස්වාධීන අධිකරණ කොමිසමක් තිබෙනවා. අද මුළු අධිකරණ සේවයටම ආරක්ෂාව ලබාදී තිබෙනවා. මැතිවරණ කොමිසමක් තිබෙනවා. අපට බලපෑම් කරන්න බෑ. ස්වාධීන රාජ්‍ය සේවාකොමිසමක් ඇති කරලා, රජයේ සේවකයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කර තිබෙනවා. අද ලංකාවේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ගැන මුළු ලොවම ප්‍රශංසා කරනවා.

අපි පාර්ලිමේන්තු ඡන්දය තිබ්බා. ප්‍රාදේශීය ඡන්දය තිබ්බා. අපි වෙලාවට ඡන්දය තිබ්බා. අද මේ රටේ මාධ්‍ය නිදහස බලන්න. එදා කිව්වා නම් කී දෙනෙක් අද ජීවතුන් අතර සිටියිද? අද තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. අපි ඡන්දය තියනවා. පරණ ක්‍රමයට යනවද අලුත් ක්‍රමයට යනවද කියලා අපි සාකච්ඡා කරනවා.

අද ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. මාධ්‍ය පිළිගන්නවා. ස්වාධීන කොමිසම පළමු වරටයි ක්‍රියා කරන්නේ. අපි මේ රටට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. අපි මේ කොමසාරිස්වරුන්ට දීමනා වැඩි කරන්න කටයුතු කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon