වර්ජනය නැවතුවොත් විසඳුමක් දෙනවා

  👤  2789 readers have read this article !
By mawbima 2018-08-10

උපතිස්ස පෙරේරා

සරත් අමුණුගම අනුකමිටුවේ නිර්දේශ අනුව දුම්රිය සේවයේ ශේ‍ර්ණි 4ක වැටුප් වැඩි කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලබාදෙන තෙක් වැඩ වර්ජනය අත්හිටුවන්නේ නැතැයි දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අවධාරණය කරයි.

මෙම වැටුප් වැඩි කිරීම් ක්‍රියාවට නැංවීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත්කළ යුතු බවට එම අනු කමිටුව කර ඇති නිර්දේශ බලගැන්වීමට මාස 3කට අධික කාලයක් බලධාරීන් අපොහොසත් වී ඇතැයි සඳහන් කරන ඒකාබද්ධ කමිටුව තවදුරටත් ප්‍රමාද නොකර එම නිර්දේශ ක්‍රියාවට නැංවීමට බලධාරීන් පියවර ගත යුතු යැයිද සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon