ගුණාත්මක මාධ්‍ය කලාවක් මෙන්ම ගුණාත්මක රූපවාහිනි නාළිකාත් රටට අවශ්‍යයි - හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

  👤  825 readers have read this article !
By mawbima 2018-08-10

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායා: ඒශාන් දසනායක

රටේ ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු වන මාධ්‍ය ආයතන මිනිසුන්ගේ චරිත ඝාතනය කරන්නට සැරසෙනවා නම් එය නුසුදුසු ක්‍රියාවක් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෙබ් නාළිකාව වන රිසිර ඊඍ එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී පැවැති එම උත්සවය සඳහා දේශපාලනඥයන්, කලාකරුවන්, නිරූපණ ශිල්පීන්, මාධ්‍යවේදීන්, රූපලාවණ්‍ය ශිල්පීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙම අවස්ථාවට එක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

අද රටට අවශ්‍යයි ගුණාත්මක මාධ්‍ය කලාවක්. ගුණාත්මක රූපවාහිනි නාළිකාත් රටට අවශ්‍යයි. අද රටේ ජනතාවට අවශ්‍ය වන්නේ සත්‍ය දැනගැනීමටයි. ජනතාවගේ බදු මුදල්වලින් යැපෙන ආයතන මඩ ප්‍රචාර ගෙනයෑම වෙනුවෙන් භාවිත කිරීම සුදුසු නැහැ. පෞද්ගලික මධ්‍ය ආයතන එසේ කළාට අපිට මුකුත් කියන්නට බැහැ. මොකද ඒ ආයතන පෞද්ගලික මුදල්වලින් නඩත්තු වන නිසා.

ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු වන ආයතන එසේ කරනවා නම් තමා ප්‍රශ්නය තිබෙන්නේ. මම හිතනවා 'රිසිර ටී.වී. පහත් තත්ත්වයට පත්කරන්නටවත් කෙනකුට මඩ පහර එල්ල කරන්නටවත් කටයුතු කරන එකක් නැහැ කියලා.

ඒ වගේම අපි දැනගත යුතු සත්‍ය තොරතුරු රිසිර ටී.වී. ලබාදෙයි කියලත් අපි හිතනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon