වාද්දුවේ ෆේස්බුක් සාදයේ සංවිධායක හා ප්‍රචාරක නිලධාරි අල්ලයි

  👤  812 readers have read this article !
By mawbima 2018-08-10

කොළඹ - එම්.සී. පෙරේරා

වාද්දුවේ වෙරළාසන්න හෝටලයක පැවැති ෆේස් බුක් සාදයේදී පුද්ගලයන් කීපදෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සාදයේ සංවිධායකවරයා හා ප්‍රචාරක නිලධාරියා ඊයේ (09දා) රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධායක ලෙස කටයුතු කළ කඩුවෙල, කොරතොට, තුංඇඳහේන ලිපිනයේ පදිංචි අමිල පුෂ්පකුමාර (36) හා මාලබේ පදිංචි එරන්ද දන්තනාරායන (36) යන දෙදෙනායි.

ඉකුත් 4 වැනිදා රාත්‍රියේ සිට පසුදින (5දා) අලුයම තෙක් පැවැති සාදය සඳහා දිවයිනේ නන් දෙසින් තරුණ තරුණියන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් සහභාගි වී ඇතැයි පොලිස් අධිකාරි කීය.

පසුදින (05) අලුයම හදිසියේ රෝගාතුර වූ පුද්ගලයන් සිවුදෙනා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තිදෙනකු එදිනම මිය ගිය අතර අනෙක් පුද්ගලයා පසුදින මිය ගියේය.

සාදය පැවැති හෝටලය තුළ බිම තැන තැන විවිධ මත්ද්‍රව්‍ය බවට සැක කරන දවටන රැසක් මෙන්ම දුම්වැටි විශාල ප්‍රමාණයක් තිබී පොලිසියට හමුවිය.

මෙම සිද්ධිය සම්බන්ධව පෙරේදා (08දා) දක්වා කිසිවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකිරීම හේතුවෙන් වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක්ද පැවැතියේය.

වාද්දුව, මොරොන්තුඩුව, කැස්බෑව, පොතුහැර හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සිවුදෙනකු මෙම සිද්ධියෙන් මිය ගියහ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද (10දා) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon