රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව අවධානය යොමු කරයි

  👤  1032 readers have read this article !
By mawbima 2018-08-10

රුචිර දිලාන් මධුශංඛ

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් සැකසීම සඳහා රජයේ අවධානය යොමු වී තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කමිටුවක් පත්කිරීමට පසුු ගියදා පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පියවර ගෙන ඇත.

අදාළ කමිටු වාර්තාව ඉදිරි කැබිනට් හමුවට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. ඒ අනුව අදාළ කමිටුව රැස් වී සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා සහ ඔවුන්ගේ වැටුප් විසමතා ඉවත් කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සැකසීමට නියමිතය.

එම කමිටු වාර්තාවට අනුව සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් තල වැඩි කිරීමට අවශ්‍ය නම් ඒ අනුව කටයුතු කළ හැකි බවද කැබිනට් මණ්ඩලයේ තීරණය වී තිබේ.

එක් එක් රාජ්‍ය නිලධාරීන් හා සේවක කණ්ඩායම්වල වැටුප් වෙන වෙනම ගෙන විසඳීමට යෑමේදී ඇති වන ගැටලු අවම කිරීමේ අරමුණ ඇතිව නව ක්‍රමවේදය සැකසීමට නියමිතය.

මේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙන්නේ දුම්රිය සේවක පිරිසකගේ වැඩ වර්ජනයට මූලික වී ඇති ඉල්ලීම් සම්බන්ධව ප්‍රශ්නය කැබිනට් මණ්ඩල රැස්වීමේදී මතු වූ අවස්ථාවේදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon