ස්වාධීන විගණන සේවා කොමිසමේ සාමාජිකයෝ දිවුරුම් දෙති

  👤  864 readers have read this article !
By mawbima 2018-08-10

ස්වාධීන විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ ඊයේ (09දා) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතා හමුවේ දිවුරුම් දුන්හ. එහි සභාපතිවරයා ලෙස ගාමිණී විජේසිංහ (විගණකාධිපති), හිටපු අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරුන් වන වී. කන්දසාමි, අයි.ජී. ගාමිණි අබේරත්න සහ හිටපු අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඒ.එස්. පෙරේරා යන මහත්වරු එම කොමිෂන් සභාවට ඇතුළත් වෙති. පාර්ලිමේන්තු වැඩ බලන මහ ලේකම් නීල් ඉද්දවෙල මහතාද මෙහි සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon