ත්‍රිරෝද රථයක් පෙරළී උසස් පෙළ සිසුන් තිදෙනකුට තුවාල

  👤  697 readers have read this article !
By mawbima 2018-08-10

හැටන් - චන්න අද්දරගේ

උසස් පෙළ විභාගය ලිවීම සඳහා කැටඹුලා සිට අරංගල දක්වා සිසුන් පිරිසක් රැගෙන යමින් තිබූ ත්‍රිරෝද රථයක් ඊයේ (09දා) උදෑසන එම මාර්ගයේ කිරිමැටියාන ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරළී යෑමෙන් සිසුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.

තුවාල ලැබූ සිසුන් තිදෙනා තුවාල සහිතවම උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අතර පසුව ඔවුන් ප්‍රතිකාර සඳහා නාවලපිටිය රජයේ මූලික රෝහලට ඇතුළත් කොට තිබේ.

තුවාල ලැබූ සිසුන් තිදෙනාගෙන් එක් සිසුවකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් අනෙක් සිසුන් දෙදෙනා තව දුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය. අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon