ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පිරිසක් උ. ඉන්දියාවේ ජනමාධ්‍ය සංචාරයක

  👤  3146 readers have read this article !
By mawbima 2018-08-16

 

ඉන්දීය වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ ෆෙඩරේෂණයේ (ධ්ජ්එබ්) 71 වැනි සංවත්සරයට සහභාගි වීම සඳහා මෙරට පැරැණිතම ජනමාධ්‍ය සංගමය වන ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ නියෝජිත පිරිසක් අද (16දා) උතුරු ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව යති.

අගෝස්තු 18 වැනිදා සිට 21 වැනිදා දක්වා කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ බෙලූරු නගරයේදී පැවැත්වෙන මෙම අන්තර්ජාතික මාධ්‍ය සම්මේලනයට ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ සභාපති මුදිත කාරියකරවන මහතාගේ ප්‍රධානත්වයෙන් 24 දෙනකුගෙන් සමන්විත පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි සහ වෙබ් මාධ්‍යවේදීහු පිරිසක් සහභාගි වෙති.

තමිල්නාඩුව, කර්ණාටකය, ආන්ද්‍ර ප්‍රදේශය, කේරළය හා ඇසෑමය යන ප්‍රාන්ත ජනමාධ්‍ය නියෝජිතයන් සමඟ ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය මෙහිදී සාකච්ඡා පවත්වන්නට බලාපොරොත්තු වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon