ආවා සාමාජිකයන් සිවු දෙනකු කඩුත් සමඟ අත්අඩංගුවට

  👤  3187 readers have read this article !
By mawbima 2018-08-16

මුලතිව් -ශෂිකුමාර්

යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී ප්‍රබල ආවා සාමාජිකයන් සිවු දෙනකු දින දෙකක් තුළදී අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලිසිය කීය.

යාපනය පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරුවලට අනුව පසුගිය 12දා යාපනය කෝපායි උරුම්පිරායි ප්‍රදේශයේදී ප්‍රබල ආවා සාමාජිකයන් දෙදෙනකු වන මෝහනදාස් දිනෝෂන් හා ලංකේශ්වරන් සමිත්මන් යන අය කඩු දෙකක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර පෙරේදා (14දා) කෝපායි නිර්වේලි බටහිර ප්‍රදේශයේදී කනපති සුභාස්කරන් සහ කන්දවේල් නික්ෂන් යන ප්‍රබල ආවා සාමාජිකයන් දෙදෙනකු කඩු දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බවටද කෝපායි පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් ආවා සාමාජිකයන් පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රික්කයේ සිදු වූ පහරදීම් හා මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ බවටද තොරතුරු අනාවරණය වී තිබේ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බවට කෝපායි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon