අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ කොචින් ගුවන්තොටුපළ වෙත යන ගුවන් ගමන් හෙට තෙක් අවලංගු කරයි

  👤  2972 readers have read this article !
By mawbima 2018-08-17

කටුනායක - ගයා තිරිමාදුර

ඉන්දියාවේ කොචින් අන්තර්ජාතික ගුවන්තොටුපළ අවට පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ගුවන්තොටුපළ වෙත යන ගුවන් ගමන් හෙට (18දා) සවස 2.00 දක්වා අවලංගු කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කර සිටී.

කොචින් ගුවන්තොටුපළ වෙත යෑමට හෝ පැමිණීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගෙන ඇති ගුවන් මගීන්ට, අවශ්‍ය නම් දකුණු ඉන්දියාවේ වෙනත් ගුවන්තොටුපළක් වෙත ගොස් කොචින් වෙත යෑමට කිසිදු අමතර අය කිරීමකින් තොරව අවශ්‍ය පහසුකම් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මඟින් සකස් කර තිබේ.
එවැනි පහසුකම් අවශ්‍ය ගුවන් මගීන් ශ්‍රී ලංකාවේ කොළඹ කාර්යාලය 1979 යන දුරකථනය හෝ ඉන්දියාවේ කොචින් ගුවන්තොටුපළ තුළ පිහිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්යාලයේ (91)4842611313 හෝ (91)4842362042 දුරකථන ඔස්සේ ඇමැතීමෙන් අවශ්‍ය වැඩි විස්තර සහ අවශ්‍ය ආසන පහසුකම් වෙන් කරවා ගත හැකිය.

පෙරේදා (15දා) උදෑසන 9.00ට කොචින් බලා පිටත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 165 දරන ගුවන් යානයේ ගුවන් ගමන අවලංගු වූ බැවින් එම යානයෙන් ගමන් ගැනීමට සිටි මගීන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් කටුනායක ගුවන්තොටුපළ අවට ඇති හෝටල් මඟින් ලබාදීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු කර තිබිණි.

කොචින් ගුවන්තොටුපළ අවට ඇතිවී ඇති ගංවතුර තත්ත්වය නිසා එම ගුවන්තොටුපළ වෙත යෑමට සහ පැමිණීමට සිටි ගුවන් මගීන්ට සිදුවී ඇති අපහසුතා පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය කනගාටුවද පළ කර සිටී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon