ඔක්තෝබරයේ එන එංගලන්ත පිල පරාජය කළොත් ලංකාවට ටෙස්ට් ක්‍රිකට්වලින් උසස්වීමක්

  👤  3225 readers have read this article !
By mawbima 2018-08-17

විචිත්‍ර වීරසිංහ

ලබන ඔක්තෝබර් මස ලංකාවට පැමිණෙන එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් ටෙස්ට් ශේ්‍රණිගත කිරීම්හි සිවුවැනි ස්ථානය දක්වා පියවර දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාවත් පවතී.

ඒ අනුව නොවැම්බර් 6 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිත මෙම ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග තුනම ජයගතහොත් ශේ්‍රණිගත ලකුණු 5ක් හිමිවී මේ වනවිට පවතින ශේ්‍රණි ලකුණු ප්‍රමාණය 97 සිට 102 දක්වා ඉහළ යන අතර, ශ්‍රී ලංකාව හමුවේලැබීම හේතුවෙන් එංගලන්තයට ශ්‍රී ලංකාවට පිටුපසින් ස්ථාන ගතවීමට සිදුවෙයි.

එංගලන්තය හා ඉන්දියාව මේ දිනවල තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට මුහුණ දෙන අතර, පැවැති තරග දෙකම එංගලන්ත කණ්ඩායම ජයගෙන තිබේ.

කෙසේ වෙතත් ඉන්දියාව හමුවේ එංගලන්තය සියලුම තරග හෝ 4ක් ජයගතහොත් ශේ්‍රණි සටහනේ දෙවැනි තැනට පත්වන නමුත් ශ්‍රී ලංකාව හමුවේ තරග තුනම පරාජයට පත්වුවහොත් ඔවුන්ගේ (එංගලන්තයේ) ශේ්‍රණි ලකුණු 5ක් අඩු වී ශ්‍රී ලංකාවට පිටුපසින් එනම් පස්වැනි ස්ථානය දක්වා ගමන් කිරීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය දෙපිලටම වැදගත් වී ඇත්තේ තමන් සිටින ස්ථානයෙන් ඉහළට යෑම සඳහා මෙම තරගාවලිය අතිශය ප්‍රයෝජනවත් වන බැවිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon