පාපන්දු ලෝක ශූරතාව දිනූ ප්‍රංශය ශේ්‍රණිගත ලැයිස්තුවේ පළමු තැනට

  👤  3078 readers have read this article !
By mawbima 2018-08-17

21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නිමාවත් සමඟම නවතම ෆිෆා ශේ‍ර්ණිගත කිරීම්වලට අනුව එහි පෙරමුණ ගැනීමට ලෝක කුසලාන ශූරයන් වූ ප්‍රංශය සමත්ව ඇති අතර ඔවුන් බෙල්ජියම හා බ්‍රසීලය අභිභවා ස්ථාන 6ක් ඉදිරියට පැමිණීමද කැපී පෙනේ. තවද මෙවර ලෝක කුසලානයේ සත්කාරකයන් වූ රුසියාව ස්ථාන 21ක් ඉදිරියට පැමිණ 49 වැනි ස්ථානය හිමි කර ගැනීම විශේෂත්වයකි.

එමෙන්ම මීට පෙර පැවැති ශේ්‍රණිගත ලැයිස්තුවට අනුව 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයන් වෙමින් පෙරමුණේ පසුවූ ජර්මනිය නව ශේ්‍රණිගත ලැයිස්තුවේ ස්ථාන 15ක් පහළට ඇද වැටීමද වඩාත් කැපී පෙනුණු අතර එවර අනුශූරයන් වූ ආජන්ටිනාව ස්ථාන 6ක් පහතට ඇදවැටෙමින් ශේ්‍රණිගත කිරීම්හි 11 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

තවද මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අනුශූරයන් වෙමින් වඩාත්ම කතාබහට ලක්වූ කේ‍රායේෂියාව ස්ථානය 16ක් ඉදිරියට පැමිණෙමින් සිවු වැනි ස්ථානය හිමිකරගෙන ඇත. ලෝක ශූර බ්‍රසීලය එක් ස්ථානයක් පහළට පැමිණෙමින් තෙවැනි ස්ථානයද පෘතුගාලය ස්ථාන 3ක් පහළට පැමිණෙමින් 7 වැනි ස්ථානයද හිමිකරගෙන ඇති අතර එංගලන්තය 6 වැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණ තිබේ.

කෙසේ වෙතත් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රංශය ජයග්‍රහණය කරා ගෙන යෑමට ඇන්ටෝනී ග්‍රීස්මන්, කිලියන් එම්බපේ, හියුගෝ ලෝරීස්, පෝල් පොබ්ගා සහ බෙන්ජමින් පැවාඩ් යන ක්‍රීඩකයන් වැඩි දායකත්වයක් සැපයීය. මේ අතර ශ්‍රී ලංකාවට නව ශේ්‍රණිගත ලැයිස්තුවේ රටවල් 211ක් අතුරින් 200 වැනි ස්ථානය හිමිව ඇත.
නව ශේ්‍රණිගත කිරීම්වලට අනුව පළමු ස්ථාන 10 මෙසේය _ 1.ප්‍රංශය, 2.බෙල්ජියම, 3.බ්‍රසීලය, 4.කේ‍රායේෂියාව, 5.උරුගුවේ, 6.එංගලන්තය, 7.පෘතුගාලය, 8.ස්විට්සර්ලන්තය, 9.ස්පාඤ්ඤය, 10.ඩෙන්මාර්කය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon