ශ්‍රී ලාංකික මාධ්‍යවේදීහු පිරිසක් උ. ඉන්දියාවේ මාධ්‍ය හමුවකට යති

  👤  2808 readers have read this article !
By mawbima 2018-08-19

උතුරු ඉන්දියාවේ බැංගලෝර් නගරයේදී අගෝස්තු 18 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන 71 වැනි අන්තර්ජාතික මාධ්‍ය සම්මේලනයට ශ්‍රී ලංකාවෙන් සහභාගි වන මාධ්‍යවේදී කණ්ඩායම පෙරේදා (17දා) පිටත්ව ගියේය. මෙරට පැරණිතම ජනමාධ්‍ය සංගමය වන ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයට ලැබුණු ඇරැයුමකට අනුව මෙම සංචාරය සංවිධානය කෙරුණු අතර සංගමයේ සභාපති ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී මුදිත කාරියකරවන මහතාගේ ප්‍රධානත්වයෙන් 24 දෙනකුගෙන් සමන්විත පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි සහ වෙබ් මාධ්‍යවේදීහු පිරිසක් මේ සංචාරයට එක්වෙති. උතුරු ඉන්දීය මාධ්‍ය සංවිධාන, මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ සබඳතා ඇති කිරීම මෙන්ම දිගු ඉතිහාසයක් ඇති ඉන්දීය වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ ෆෙඩරේෂණය හා ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය අතර මිතුදම වර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon