දුර්ලභ පුරාවස්තු සංරක්ෂණයට

  👤  2833 readers have read this article !
By mawbima 2018-08-19

එම්.එම්.බී.එල්. පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරය දීර්ඝ කාලයක් විවිධ පුද්ගලයන් එකතු කරන ලද චිත්‍ර, කාසි, මුද්දර, පොත්පත්, ඓතිහාසික වැදගත්කමක් ඇති භාණ්ඩ, සිතියම්, සහ පැරණි ලියැකියැවිලි එකතුවක් සංරක්ෂණය කරන අතර එය සමාජ වගකීමක් වශයෙන් සලකා අනාගත පරපුර උදෙසා කරන සත්කාරයකි. නොබෝදා එයට ඉතා දුර්ලභ මුහුදු සිප්පි හා බෙල්ලන්ගේ කටු එකතුවක්ද ඇතුළත් විය. ප්‍රකට ගැඹුරු මුහුදු කිමිදෙන්නකු වූ ආචාර්ය සේන වික්‍රමසූරිය මහතාගේ එකතුවක් වන අතර ඔහු 1970 ගණන්වල ශ්‍රී ලංකා වරාය සංස්ථාවේ සභාපතිව සිටියදී තංගල්ල වරාය ඉදිකිරීමට ද මුල්විය. ඔහුගේ අභාවයෙන් පසු නවජීවන පදනම සභාපතිනි කුමරිනි වික්‍රමසූරිය මහත්මිය අතට මෙම එකතුව පත්වූ අතර නොබෝදා ඇය ජීවිතක්ෂයට පත්වීමෙන් පසු අනාගතය උදෙසා සංරක්ෂණය කිරීම පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරය භාරගෙන තිබේ.

රෙක්ස් ද සිල්වා මහතා මෙම සිප්පි හඳුනාගෙන වර්ග කර ඇති අතර පෑලියගොඩ පාත්ෆයින්ඩර් ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ තැන්පත් කර ඇත. මෙම වටිනා එකතුව එහි නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා නිරීක්ෂණය කරන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි. ප්‍රධාන විධායක කේ. බාලසුන්දරම්, පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක සහ භාරකරු නලින්ද විකුම්ප්‍රිය මහත්වරු ද එම අවස්ථාවට සහභාගි වූහ.

ගාමිණී සරත් ගොඩකන්ද

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon