රනිල් එජාප ප්‍රාදේශීය මන්ත්‍රින් කොළඹට කැඳවයි

  👤  2830 readers have read this article !
By mawbima 2018-08-19

උපතිස්ස පෙරේරා

යහපාලන රජය විසින් ක්‍රියාත්මක කර ඇති ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන් කඩිනමින් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා දිවයිනපුරා පළාත් පාලන ආයතනවල එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් කොළඹට කැඳවා ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර ඇත.

ඒ අනුව ඉකුත් සතිය තුළ බස්නාහිර, සබරගමුව, උතුර හා නැඟෙනහිර පළාත්වල පළාත් පාලන ආයතන නියෝජිතයන් කැඳවා ඔවුන් දැනුවත් කළ අතර සෙසු පළාත්වල නියෝජිතයන් ඉදිරි සතිය තුළ කැඳවීමට නියමිතය.

මෙම හමුවලදී පළාත් පාලන නියෝජිතයන් මුහුණපාන ප්‍රශ්න හා ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඔවුන් සමඟ සාකච්ඡා කරන අතර ගම්පෙරළිය වැඩසටහන යටතේ මේ වසර තුළ සිදු කෙරෙන ග්‍රාමීය ව්‍යාපෘති පිළිබඳවද විමසා ඇත.

එක් පළාත් පාලන ආයතන නියෝජිතයකුට රජය මඟින් රුපියල් ලක්ෂ 2 බැගින් වූ මුදලක් ලබාදෙන අතර එම මුදලින් ගමේ ප්‍රධාන අවශ්‍යතාවන් සපුරා ගැනීමට අවස්ථාව සැලසේ. එම ව්‍යාපෘතීන් සියල්ලම ලබන දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර අවසන් කළයුතු බව හෙතෙම අවධාරණය කර තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon