සීමා නිර්ණ වාර්තාව ගැන රංජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

  👤  2991 readers have read this article !
By mawbima 2018-08-19

නුවන් හෙට්ටිආරච්චි

ලබන 24දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණ කමිටු වාර්තාව හැකිනම් 2/3ක ඡන්දයෙන් සම්මත කර පෙන්වන්න යැයි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා ආණ්ඩු පක්ෂයට අභියෝගයක් කරයි. නව මැතිවරණ ක්‍රමයට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කැමැති බවද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පැරැණි මැතිවරණ ක්‍රමයට කැමැති බවද සඳහන් කරන මන්ත්‍රිවරයා ඒකාබද්ධ විපක්ෂය ඕනෑම මැතිවරණ ක්‍රමයකට සූදානම් බව පවසයි. ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය මැතිවරණ ක්‍රමය නොව මැතිවරණයක් බවත් රටේ සුළු ජන්ද මත යැපෙන පිරිස් බලය අඩු පක්ෂ සඳහා නව මැතිවරණ ක්‍රමය වත්මන් රජය විසින් සකස් කර ඇති බවත් ඊට කිසිදු ආකාරයකට තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකු එකඟ නොවන බවත් තවදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon