එජාප ජනපති අපේක්‍ෂකත්වය වසන්තගෙන් තවත් බෝම්බයක්

  👤  3232 readers have read this article !
By mawbima 2018-08-19

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක තෝරාගත යුත්තේ පක්ෂයේ ආසන බල මණ්ඩලවල බහුතරයකගේ කැමැත්තෙන් විය යුතු බවට යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරියේදී තමා ඉදිරිපත් කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා 'ඉරිදා මව්බිම'ට ප්‍රකාශ කළේය.

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ බලය කෘත්‍යාධිකාරි මණ්ඩලයට පමණක් සීමා නොකොට පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට සහ පක්ෂයේ ආසන බල මණ්ඩලවලට ලබාදිය යුතු බවත් ඒ ගැන තමා එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨතමයන් ඇතුළු කිහිපදෙනක් සමඟ සාකච්ඡා කළ බවත් ඒ සඳහා ඔවුන්ගේද යහපත් ප්‍රතිචාරයක් හිමි වී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය තුළ මේ දක්වා සිදුවී තිබෙන ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් ඒ ගැන බහුතරයක් යම් කලකිරීමකින් සිටින බවත් වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එම නිසා 2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් විය යුත්තේ පක්ෂයේ ජනප්‍රියතම පුද්ගලයා බවත් එම අපේක්ෂකයා තේරීමේ බලය පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට අමතරව පක්ෂයේ ආසන බල මණ්ඩලවලට සහ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවත් වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon