පාකිස්තාන නව අගමැතිට ජනපති මෛත්‍රිගෙන් සුබ පැතුම්

  👤  3388 readers have read this article !
By mawbima 2018-08-20

ඉම්රාන් ඛාන් මහතා පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් උණුසුම් සුබ පැතුම් එක්කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම නව පත්වීමත් සමඟ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිගු කලක සිට පවත්නා සුහද මිත්‍ර සබඳතා සහ ද්විපාර්ශ්වික සහයෝගිතාව තවත් වර්ධනය කරගැනීමට හැකි බවත් මෙම නිවේදනයේ සඳහන් වේ.

නව අගමැතිවරයාගේ පාලන කාලය තුළදී පාකිස්තානයට සාමය හා සමෘද්ධිය උදා වී රටෙහි දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon