පසුගිය වසර දෙක තුළදී ලියාපදිංචි වූ සිසුන් 1989ක් සරසවි හැර ගියා

  👤  3398 readers have read this article !
By mawbima 2018-08-20

දෙනගම ධම්මික රණවීර

නවක වධය ඇතුළු සිදුවීම් නිසා පසුගිය අධ්‍යයන වර්ෂ දෙක තුළදී විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සඳහා ලියාපදිංචි වූ සිසු සිසුවියන් 1989 දෙනකු රාජ්‍ය විශ්වවිද්‍යාල හැර ගොස් ඇතැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

රාජ්‍ය විශ්වවිද්‍යාල 15 සඳහා සිසුන් බඳවා ගැනීමේදී 2015 _ 2016 වසරට අදාළව සිසු සිසුවියන් 1352ක් සහ 2016 _ 2017 වසරකට අදාළව 637ක් වශයෙන් එසේ ඉවත්ව ගොස් ඇති බවත් ඔවුන් එලෙස ඉවත් වී ඇත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට යළි අවස්ථාවක් නොමැති බව දැන ගෙන බවද කීවේය.

නවක වධ පාතාලයක් විශ්වවිද්‍යාල පද්ධතියේ ක්‍රියාත්මක වීම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවද නවක වධයට සම්බන්ධ සිසු සිසුවියන්ට දස වසරක සිර දඬුවම් ලබා දීමට කටයුතු කරන බවද විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon