ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයෙන් ජංගම සේවයක්

  👤  834 readers have read this article !
By mawbima 2018-08-20

නුවන් හෙට්ටිආරච්චි

නීතිමය ලේඛන ලබාදීමේ ජංගම සේවය රක්වාන දෙමළ මහා විද්‍යාලයේදී ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රාජ්‍ය සේවයට වඩා ප්‍රබල ජංගම සේවයක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් ජාතික හැඳුනුම්පත්, උප්පැන්න හා විවාහ සහතික එක් දිනකින් ලබාදීමේ මෙම වැඩසටහන රක්වාන විද්‍යාලයේදී පසුගිය 12 සහ 13 දෙදින පැවැත්විණි. මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරන මෙමඟින් සේවය ලබා ගැනීම සඳහා දෙමළ වතු ජනතාව විශාල පිරිසක් පැමිණි අතර සියලුම පාසල් ළමුන් සදහා පොත් කට්ටලයක් සහිත බෑගය බැගින් ලබාදීමත් අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon