ජනතාව නිදහසේ හුස්ම ගන්නා බව ආණ්ඩුව කිව්වත් ඔවුන් ඉන්නේ හූල්ලමින්

  👤  3545 readers have read this article !
By mawbima 2018-08-22

ජනතාව නිදහසේ හුස්ම ගන්නවා යැයි යහපාලන ආණ්ඩුවේ නායකයන් පැවසුවද සත්‍ය ලෙසම ජනතාව පසුවන්නේ හූල්ලමින් යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

හෙතෙම මේ අදහස් පළකළේ පෙරේදා (20දා) කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
වාසුදේව නානායක්කාර මහතා මෙසේද පැවැසුවේය.

හර්තාලයකට හේතු පාදක වන තත්ත්වයක් රටේ ඇතිවන බවක් අපට පෙනෙන්නට තිබෙනවා. ඊට හේතු විය හැකි තත්ත්වයන් දැන් වර්ධනය වෙමින් පවතිනවා. දුම්රිය ගාස්තු වැඩිවෙනවා. වයස 35ට අඩු අයට ත්‍රීවීලර් එළවන්න එපාලු. රටේ රැකියා ඇත්තෙත් නැහැ.

තරුණයකුට කරන්නට තිබෙන එකම රැකියාවත් කරන්නට බැහැ. ත්‍රීවීලර් නැතිනම් මේ රටේ ප්‍රවාහන සේවය විශාල අර්බුදයකට යනවා. ආණ්ඩුව කියනවා ළඟම පාසල හොඳම පාසලලු. නමුත් කුමක්ද අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ බොහෝ දරුවන් පාසල් හැර යනවා කියලයි. ඒ කියන්නේ පාසලේ ගත කරන සාමාන්‍ය වර්ෂ ප්‍රමාණයට වඩා කලින් ඒ දරුවන් පාසල හැර යනවාලු. පළමුවැනි හේතුව ආර්ථික හේතු දෙවැනි හේතුව පවුල් ආරවුල්, අනෙක් දේ තමයි පාසල්වලට ගුරුවරු නැහැ. ආණ්ඩුව මේ දේවල් හරිගැස්විය යුතුයි. බොරුවට ලොකු ලොකු කතා කිය කියා ඉඳලා හරියන්නේ නැහැ.

අද කොළඹ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසල් විශාල වශයෙන් වැඩිවෙලා. මේ නිසා කුඩා පරිමාණයේ වෙළෙඳසල්වලට ප්‍රශ්න මතුවී තිබෙනවා. එම වෙළෙඳසල් මේ නිසා වැසී යා හැකියි. ඒ ජනතාව කුමක්ද එවිට කරන රැකියාව. ඔවුන්ට රැකියාත් රටේ නැහැ.

විජයදාස රාජපක්ෂ මහත්තයා පිස්සු හැදිලා වගෙයි කතා කරන්නේ. එයා කියනවා පාතාලය තියෙන්නේ විශ්වවිද්‍යාලයේ කියලා. මොනවාද මේ කතා. විශ්වවිද්‍යාලවලින් අවුරුදු පතා දහස් ගාණක් උපාධිධාරීන් පිටවනවා. ඔවුන් පාතාලයේ අයද? විජයදාස මහත්තයා ඔවුන්ව පාතාලය කියලා හඳුන්වනවා නම් එයාට පිස්සුම තමයි. අද නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අරගල කරනවා. රජයේ විශ්වවිද්‍යාලවලත් මුදල් අයකරනවා දැන්. රජය නිදහස් අධ්‍යාපනයට යොදවන මුදල් කප්පාදු කරලා. එයට විරුද්ධවයි ශිෂ්‍යයන් අරගල කරන්නේ. ඒ ශිෂ්‍යයන් පාතාලයන් ලෙස හැඳින්වීම සාහසික අපරාධයක්. නවක වධයට අපි විරුද්ධයි. ඒ වැරදිකරුවන්ට විරුද්ධව ක්‍රියා කළ යුතුයි ආණ්ඩුව. විශ්වවිද්‍යාලයට පාතාලය වචනය අෑ¼දාගැනීම සම්බන්ධයෙන් රටේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගෙන් සමාව ගත යුතුයි විජයදාස රාජපක්ෂ මහතා.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon