පරිත්‍යාගශීලී දිවියේ ඇති වැදගත්කම හජ්ජි උත්සවයෙන් මතක්කර දෙනවා - විපක්‍ෂනායක ආර්. සම්පන්දන්

  👤  3546 readers have read this article !
By mawbima 2018-08-22

ලක්‍ෂ්මි ජයකොඩි

ආත්මාර්ථකාමී ආකල්පවලින් බැහැරව අපගේ අනාගත පරපුරේ සුබසිද්ධිය වෙනුවෙන් ජනතාවට ආත්ම ගෞරවයෙන් හා සාමයෙන් යුතුව ජීවත්වීමට හැකි රටක් ගොඩනැඟීමට එක්වන ලෙසට දිවයිනේ ජීවත්වන සියලුම ජනතාවට ආරාධනා කර සිටින බව විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතා සිය හජ්ජි දින සුබපැතුම් පණිවුඩයේ සඳහන් කර තිබේ.

විපක්‍ෂනායකවරයා පෙන්වා දෙන්නේ පරිත්‍යාගශීලී දිවියේ ඇති වැදගත්කමත් එයින් මනුෂ්‍යයාට වන ප්‍රතිලාභත් හජ්ජි උත්සවය අපට මතක් කර දෙන බවයි. එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ශුද්ධවූ හජ්ජි දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම මුස්ලිම් බැතිමතුන්ට මාගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමමි.

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාවගේ ප්‍රධාන උත්සව දෙකෙන් හජ්ජි උත්සවය එකක් වෙයි. දුගී හා පීඩිත ජනතාව රැකබලා ගැනීමේ අවශ්‍යතාවත් ඔවුන්ටද උත්සවය සඳහා සහභාගිවීමට අවස්ථාව සැලසිය යුතු බවත් අවධාරණය කරයි. ශුද්ධවූ හජ්ජි උත්සවය සමරන මේ මොහොතේ ආත්මාර්ථකාමී ආකල්පවලින් බැහැරව අපගේ අනාගත පරපුරේ සුබසිද්ධිය වෙනුවෙන් ජනතාවට ආත්ම ගෞරවයෙන් හා සාමයෙන් යුතුව ජීවත්වීමට හැකි රටක් ගොඩනැඟීමට එක්වන ලෙසට දිවයිනේ ජීවත්වන සියලුම ජනතාවට ආරාධනා කර සිටිමි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon