තම්බපණ්ණි පොත අච්චු ගහන්නේ ජනපති - අගමැති ඇතුළු දේශපාලනඥයන්ටත් කියවන්නයි - පාහියන්ගල ආනන්ද හිමි

  👤  3611 readers have read this article !
By mawbima 2018-08-22

නුවන් හෙට්ටිආරච්චි

තම්බපණ්ණි සඟරාව තුළින් ලෝකය, ලෝකෝත්තර සම්ප්‍රදායට පුරුදු කිරීම ගන්නා උත්සාහයක් බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද හිමියෝ පැවැසූහ.
මේ බව උන්වහන්සේ පැවැසුවේ මහවැලි කේන්ද්‍රයේදී එම සඟරාව එළිදැක්වීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය.

එහිදී උන්වහන්සේ මෙසේද පැවැසූහ.

ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් මෙම පොත තුළ වැදගත්කමක් තියෙනවා. විවිධ කාලවකවානු මේ පොත තුළ සඳහන් වෙනවා.

ඒ වගේම පරිසරවේදීන්ගේ අදහස් ද මේ සඟරාව තුළ තියෙනවා. මේ කැපකිරීම වෙන කාටවත් කරන්න බැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ අය කරන මේ කැපවීම නිසා තමයි පරිසරය රැකෙනවා වගේම හුස්ම ගන්න අද දවස ඉතුරුවෙලා තියෙන්නේ. අපට හෙට දවසත් ඉතුරුයි ඒ නිසා.

මේ පරිසරය රැක ගන්න. ඒ හෙට දවස් වගකීම ජනතාව අතරට රැගෙන යෑම මේ සඟරාව තුළින් සිදු වෙනවා. මේ සඳහා වන ත්‍රිපිටකය, බයිබලය තමයි මේ තම්බපණ්ණි පොත. මේ සඟරාව තුළින් බලාපොරොත්තු වෙනවා කරුණු කීපයක්.

සමාජයේ හිතන පතන විදිය වෙනසේ කිරීමට මේ සඟරාව උපයෝගි කර ගන්නවා. උදාහරණයක් විදියට අපි බලාපොරොත්තු වෙනවා මෙරට සියලුම දේශපාලනඥයන්ට අත් පොතක් විදියට දෙන්න. ඒකට හේතුව තමයි පසුගිය දවසක සිංහරාජයේ අලි ගැන සරත් ෆොන්සේකා කරන්න හදන වැඩේ.

අද ජාවාරම්කාරයෝ වැහි වැහැලා. ඒ වගේම ඇමැතිතුමා කියනවා ලෝක උරුමය කන්නද කියලා. තවත් අය තව කතා කියනවා. එහෙව් සමාජයකට මඟපෙන්වන වැඩපිළිවෙළක් අවශ්‍ය වුණා. ඒකයි මම කිව්වේ සිංහරාජයේ අලි දෙන්නා ගැන. අලි දෙන්නා ගැන ඇමැතිවරයා විද්‍යාත්මකව තීන්දු ගන්න හදනවා. ගම වට කොට විදුලි වැටක් ඕනද කියලා අහනවා.

අලි දෙන්නෙක් වෙනුවෙන් විදුලි වැටක් අවශ්‍යද කියලත් සරත් ෆොන්සේකා අහනවා.ඉතින් මේ කාරණාවලට අපි උත්තර දෙනවා. ඒ වගේම පසුගිය දවසක ජනාධිපතිවරයත් කියනවා.

අලි - මිනිස් ගැටුමට විසඳුමක් ලංකාවත් හොයාගෙන නැහැ කියලා. අසාර්ථකයි කියලා. ඉතින් අපි මේ පොත ගැහැව්වේ එයාලට කියවන්න. ජනාධිපතිවරු අගමැතිවරු, මන්ත්‍රිවරු විතරක් නෙවෙයි වනජීවී ඇමැති සරත් ෆොන්සේකාටත් කියවන්නයි.

මේ පොත අච්චු ගැහැව්වේ.
තම්බපණ්ණි සඟරාවේ ප්‍රධාන කතුවරයා වූ නයනක රන්වැල්ල මහතා තම මව වන විනිතා රන්වැල්ල මහත්මියට කෘතිය පිළිගැන්වූ අතර එහි ප්‍රධාන දෙසුම් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, පාලිත වික්‍රමරත්න, සමන්ත ගුණසේකර සහ පාහියන්ගල ආනන්ද හිමියන් විසින් සිදු කරන ලදී.

පුවත් කතුවරයා, ආචාර්යවරු හා විද්වත් විශාල පිරිසක් එම සඟරාව ජනගත කිරීමේ උළෙලට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon