ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයෙන් රංගන පාඨමාලාවක්

  👤  3566 readers have read this article !
By mawbima 2018-08-22

උදයන්ති මුණසිංහ

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් ප්‍රවීණ ටෙලි හා සිනමාවේදීන්ගේ සහ ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ උපදේශකත්වයෙන් සිනමා රංගනය සඳහා පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ටෙලි සහ සිනමා නිර්මාණවල රඟපෑම සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් එම මාධ්‍යයන්හි විශේෂතා හඳුනා ගනිමින්, පූර්ණ වශයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් දක්ෂ රංගන ශිල්පියකු වීමටත්, මේ පාඨමාලාව සාර්ථකව හදාරන අයට ටෙලි හෝ සිනමා නිර්මාණයන්ට රංගනයෙන් දායක වීමට අවස්ථාව මෙමඟින් උදා කර දෙන බවත්, සංසදයේ සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන පවසයි. උදයකාන්ත වර්ණසූරිය, ආනන්ද අබේනායක, නාලන් මෙන්දිස්, සුදත් රෝහණ, අනුර මාධව ජයසේකර, සෙනේෂ් දිසානායක බණ්ඩාර ඇතුළු අධ්‍යක්ෂවරුන්ගේ උපදේශකත්වයෙන් මේ පාඨමාලාව පැවැත්වෙන බවද සිරිවර්ධන මහතා පවසයි.

මේ පාඨමාලාවට සහභාගි වීමට කැමැත්තක් දක්වන්නේ නම් තම විස්තර පාඨමාලා අධ්‍යක්ෂ, ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය, 47/ඕ, කොළඹ පාර, පිළියන්දල යන ලිපිනයට අගෝස්තු 28 වැනි දිනට පෙර එවිය යුතු බවත්, වැඩි විස්තර සඳහා 071-4040050 යන අංකය ඇමැතීමෙන් ලබාගත හැකි බවත් සිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon