දුම්රිය හරස් මාර්ග සංඥා නොතකන රියැදුරන්ට රු. 25,000ක් දඩ ගැසීමට අවශ්‍ය නීති විධිවිධාන සකසා අවසන් - ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

  👤  3569 readers have read this article !
By mawbima 2018-08-22

උපතිස්ස පෙරේරා

දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා නොතකා අනතුරුදායක ලෙස වාහන ධාවනය කරන රියැදුරන්ට රුපියල් 25,000ක දඩමුදලක් නියම කිරීමට අවශ්‍ය නීතිමය විධිවිධාන මේ වන විට සකස් කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

දුම්රිය හරස් මාර්ග විදුලි පද්ධති 10ක් හික්කඩුවේදී විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා පද්ධති 200ක් ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විට අරඹා ඇති බවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 6.4ක් වැය වන මෙම ව්‍යාපෘතියේ තනි දුම්රිය මාර්ග විදුලි සීනු පද්ධති 175ක් සහ ද්විත්ව මාර්ග විදුලි සීනු පද්ධති 25ක් ස්ථාපිත කෙරෙන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ පෞද්ගලික සමාගමක් වන යුනිකන්සල්ටන්සි සර්විසස් ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

මෙරට දුම්රිය මාර්ග පද්ධතිය තුළ හරස් මාර්ග 1337ක් ඇති අතර ඉන් හරස් මාර්ග 526කට නිසි ආරක්ෂාව සලසා ඇති බවත් බම්බු ගේට්ටු මඟින් ආරක්ෂාව සලසන හරස් මාර්ග 626 මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමඟ බොහෝ දුරට අනාරක්ෂිත හරස් මාර්ග ප්‍රමාණය අවම වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon