හිටපු නි. කථානායක සිකුරාදා ‘ගිනි අවි’ සමුළුව අමතයි

  👤  3534 readers have read this article !
By mawbima 2018-08-22

රුචිර දිලාන් මධුසංඛ

ගිනි අවි වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සිව්වන සමුළුවට සහභාගි වීම සඳහා හිටපු නියොජ්‍ය කථානායක තිලංග සුමතිපාල පසුගියදා ජපානය බලා පිටත්ව ගියේය.

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 95ක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු සභිකයන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් 200කට ආසන්න පිරිසක් සහභාගි වී සිටිති.

පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ගෝලීය ක්‍රියාකාරී සංවිධානයේ සාමජිකයකු වන තිලංග සුමතිපාල මන්ත්‍රිවරයා සිකුරාදා (24) එම සමුළුව ඇමතීමට නියමිතය.
ගිනි අවි අපනයනයෙන් ලෝකයට අත්ව ඇති විනාශකාරී ඛේදවාචකයේ ප්‍රතිවිපාක සහ අනුකම්පා විරහිතව මෙහෙයවීම නිසා ජාත්‍යන්තර මානුෂීය නීති හා මූලික මිනිස් අයිතීන්ට සිදුවන උල්ලංඝනයන් මැයෙන් මන්ත්‍රිවරයා එම දේශනය පැවැත්වීමට නියමිතව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon