පොළොන්නරුව මහ රෝහලේ හෙදියන් පිරිසක් විරෝධතාවක

  👤  3494 readers have read this article !
By mawbima 2018-08-22

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ,
හිඟුරක්ගොඩ - ප්‍රියා

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පොළොන්නරුව මහ රෝහලේ හෙදියන් පිරිසක් ඊයේ (21දා) දහවල් කෙටි විරෝධතාවක නිරත වූහ.

පොළොන්නරුව මහ රෝහලේ හෙද හෙදියන් පනහකටත් අඩු සංඛ්‍යාවක් සහභාගි වූ මෙම විරෝධතාවෙන් ඔවුන් ඉල්ලා සිටියේ හෙද සේවාවට සිදු කරන අසාධාරණයන් වහා නතර කරන ලෙසත් හෙද නිලධාරිනියන්ගේ සියලු හිඟ වැටුප් වහාම ලබා දෙන ලෙසත් සේවා උසස්වීම්වලට අදාළ කාල සීමාවන් 3 වැනි ශේ‍ර්ණියේ සිට 2 වැනි ශේ‍ර්ණියට වසර පහක් හා 2 වැනි ශේ‍ර්ණියේ සිට පළමු ශේ‍ර්ණියට වසර 5ක් දක්වා කාලය අඩු කරන ලෙසත්ය. එමෙන්ම හෙද කළමනාකරණ සේවාව වහා ස්ථාපිත කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.

විරෝධතාකරුවෝ පොළොන්නරුව මහ රෝහල ඉදිරිපිටට ඊයේ (21දා) දහවල් 11.30ට පමණ රැස්ව සටන් පාඨ රැගත් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාව දියත් කළහ. සමස්ත ලංකා හෙද සංගමය මෙම විරෝධතාව දියත් කිරීම සිදු කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon