නල්ලූර් කෝවිලේ දේව පූජාව වෙනුවෙන් නිර්මාණය වූ මුරුගන් දෙවියන්ගේ රුවක්

  👤  3578 readers have read this article !
By mawbima 2018-08-22

මුලතිව් - ශෂි කුමාර්

යාපනය - නල්ලූර් කෝවිලේ පැවැත්වෙන වාර්ෂික දේව මෙහෙය මෙවරද පැවැත්වෙන අතරතුර නල්ලූර් පූජා භූමියේ මුරුගන් දෙවියන්ගේ අපූරු රුවක් වැලි යොදා නිර්මාණය කිරීමට කෝවිල වැ¼ද පුදා ගැනීමට පැමිණි බැතිමතුන් පිරිසක් විසින් පියවර ගෙන ඇත.

පසුගිය 15 වැනිදා සිට 25 වැනිදා දක්වා යාපනය නල්ලූර් කෝවිලේ දේව පූජාවන් පැවැත්වෙන අතරතුර මෙම නිර්මාණය සිදු කොට ඇති අතර බැතිමතුන් අතර මුරුගන් දෙවියන් කෙරෙහි ඇති බැඳීම වෙනුවෙන් මෙම වැලි නිර්මාණය සිදු කොට ඇත.

මේ අනුව නල්ලූර් කෝවිලේ දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගි වී සිටි බැතිමතුන් විශාල පිරිසක් මෙම මුරුගන් දෙවියන්ගේ වැලි නිර්මාණයද දැක බලා සැදැහැ සිතින් කාලය ගත කරන බවට නිර්මාණය කරන ලද බැතිමතුන් කියා සිටියහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon