ගාලු වරායේ කොටසක් හා රූමස්සල වෙරළ තීරය සුවසැරියට පැවරීමේ සූදානමක්

  👤  3556 readers have read this article !
By mawbima 2018-08-22

අනුරාධා හේරත්

ඉන්දියානු ගිලන් රථ සේවා සමාගමට ගාල්ල වරායේ කොටසක් පැවැරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට තොරතුරු හෙළි වේ.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ "මව්බිම"ට පැවැසුවේ ඒ අනුව ගාලු වරායේ කොටසක් හා රූමස්සල වෙරළ තීරය මෙම 'සුවසැරිය' ගිලන් රථ සේවා සමාගමට වසර 33කට පැවැරීමේ සූදානමක් පවතින බවත් මේ පිටුපස ප්‍රබල අමාත්‍යවරයෙක් සිටින බවත්ය.

2018. 05. 25 දින ගාලු වරායේ බෝට්ටු නැවතුම්පොළක් හා සංචාරකයන්ට පැමිණීමට පහසුකම් සහිත ස්ථානයක් ලෙස හැඳින්වෙන ර්චපඪදච සේවා ස්ථානය පවත්වාගෙන යෑම සඳහා වරාය අධිකාරිය ටෙන්ඩර් කැ¼දවා තිබූ අතර එම ටෙන්ඩර් පත් කැඳවීම ඊයේ (21දා) දින අවසන්ව ඇත. ඒ අනුව ඊට එකම ටෙන්ඩර් පතක් ඉදිරිපත් කර තිබූ බවත්, එය ඉදිරිපත් කර තිබුණේ 2016 වසරේ මෙරට නොමිලේ ගිලන් රථ සේවාවක් ආරම්භ කළ ට්මඬ ඹඥඵබ ජධචඵබ ථචපඪදඥ යන ඉන්දියානු සමාගම බවත් විතානගේ මහතා පැවැසීය.

ඒ මහතා පැවැසුවේ ප්‍රසම්පාදන කාර්ය පරිපාටියට අනුව ඉදිරිපත් කර ඇත්තේ එක ටෙන්ඩර් පතක් පමණක් නම් නැවත ටෙන්ඩ්ර් කැඳවිය යුතු අතර මෙහිදී එවැනි ක්‍රියාමාර්ගයක් නොගත්තේ පැහැදිලිවම මෙම ගාලු වරායේ කොටස ඉන්දීය සමාගමට පැවරීමේ යටි අරමුණු ඇතිව බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon