රන්බඩු වෙළෙඳසල කොල්ලකෑම සඳහා යතුරුපැදිය දුන් බවට සැක කොස්ගොඩ තාරකගේ මව යළිත් රක්ෂිතයට

  👤  3461 readers have read this article !
By mawbima 2018-08-22

බළපිටිය - දම්සරී ලියනගේ

මාතර රන්බඩු වෙළෙඳසලක් කොල්ලකෑම ස½දහා සිය නමට ලියාපදිංචි කර තිබෙන යතුරුපැදිය ලබාදුන් බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කොස්ගොඩ තාරක නමැති අයගේ මව, 2018 සැප්තැම්බර් මස 04 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා ඊයේ (21දා) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මඟින් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ නානතොට පළාත, කොස්ගොඩ ලිපිනයේ පදිංචි අගම්පොඩි ජානකී ප්‍රියන්ති ද සොයිසා (51) නමැති කාන්තාවයි.
පසුගිය ජුනි 22 දින මාතර නිලේකා රන්බඩු වෙළෙඳසල කොල්ලකෑමට කොල්ලකරුවන් පැමිණි යතුරුපැදි තුනෙන්, එක් යතුරුපැදියක් සැකකාරියට අයත් බව පොලිස්
පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. මේ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා තහවුරු කර ගත් බවද කොස්ගොඩ පොලිසියේ ප්‍රකාශකයකු සඳහන් කළේය. ඍම්ඛ් - 6227 අංකය දරන මෙම යතුරු පැදිය හොන්ඩා ඉඛ වර්ගයේ එකක් බවද පොලිසිය කියයි.

සැකකාරිය, කොල්ලයේ ප්‍රධානතම සැකකරු වන පාතාල නායක කොස්ගොඩ, නානතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) නොහොත් කොස්ගෛාඩ තාරකගේ සහ ඔහුගේ සොහොයුරු මධුක නිර්මාල් පෙරේරා විජේසේකර (22) යන අයගේ මව බවද කොස්ගොඩ පොලිසිය කියයි. මොවුන් දෙදෙනාම කොල්ලයේදී පොලිස් වෙඩි පහරින් බරපතළ තුවාල ලබා ගාල්ල, කරාපිටිය

ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය. ඔවුන් දෙදෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටී.

සැකකාරිය ඇය පදිංචි නිවෙසේ පිටුපස ‍ෙදාර, ඇතුළත කාමරයේ ‍ෙදාර සහ එම කාමරයට අයත් නාන කාමරයේ ‍ෙදාර කඩා අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය කියයි. ප්‍රබල ශ්‍රීලනිප පාක්ෂිකයකු වන සැකකාරිය, 2018 පෙබරවාරි 10 දින පැවැති බළපිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට එජනිස යටතේ නානතොට පළාත කොට්ඨාසයට තරග කොට පරාජයට පත්ව තිබේ.

කොස්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක
පී.එම්. ඉරාන් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් රංජන් (21930) සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු
මෙහෙයවීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon